අධිවේගී මාර්ගයන් හී ගමන්ගන්නා සියළුම ගිලන් රථ මාර්ග ගාස්තුවෙන් නිදහස් කර තිබේ.
ඒ අනුව මෙම තීරණය යටතේ රජයේ සහ පෞද්ගලික රෝහල්වලට අනුබද්ධිත සියළුම ගිලන් රථ සඳහා ගාස්තු ගෙවීමකින් තොරව අධිවේගි මාර්ගය භාවිතා කිරීමට අවස්ථාව හිමිවනු ඇත.
පසුගිය මැයි 20 වැනිදා සිට කෝවිඩ් වසංගතය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිත කරන ගිලන් රථ සඳහා ගාස්තු අය කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබුණි.