Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

රට හදන්න අපි ලෑස්තියි – අනුර

janamaga-anura-kumara-dissanayake

සියලු ජනතාව පෙලගස්වමින් වැරදි ආර්ථික ප්‍රතිපත්තින් වෙනුවට නිවැරදි ආර්ථික ප්‍රතිපත්තීන් අනුගමනය කරමින් රට සංවර්ධනය කිරීමට ජාතික ජනබලවේගය සූදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

අද (20) ජයවර්ධනපුර “බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම” මැයෙන් පැවති මහජන හමුවේදී ඔහු මේබව පැවසීය.

“අතිශය විනාශකාරී අන්තයකට අපේ රට ගමන් කරමින් සිටිනවා. විශාල භාන්ඩ හිඟයක් මතුව තියනවා, භාණ්ඩවල මිල ඉහල ගොස් තිබෙනවා, අත්‍යවශ්‍ය භාන්ඩ ඇතුලත් කන්ටේනර් 1500කට වඩා වැඩි ප්‍රමාණයක් වරායේ හිරවෙලා තිබෙනවා. එලැඹෙන ණය වාරිකයන් ගෙවාගත නොහැකිද කියලා අඩමානෙකට ඇවිත් තියනවා. සාමාන්‍ය ජන ජීවිතය ඉතාමක් ගැඹුුරු අර්බුදකාරි ගැටළු ගණනාවකට යොමු කර තිබෙනවා, ජනතාවගේ ජීවිතය උසස් කරන්නට බැරි රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න බැරි ආර්ථික සහ දේශපාලනික ගමනක ඇති ඵලය කුමක්ද?

අද අපේ රටත් අපේ රටේ මහජනතාවත් මේ මුහුණ දීලා ඉන්න ව්‍යවසනය ස්භාවික ව්‍යවසනයක් නෙවෙයි. මේ අර්බුදය දීරඝ කාලයක් මුළුල්ලේ අපේ රට අනුගමනය කරන ලද අසාර්ථක වැරදි සහගත දේශපාලන ආර්ථික ගමන්මගේ ප්‍රති විපාක.

මෙවැනි විනාශ කාරි ව්‍යවසනයකට අපේ රට හෙළුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් නම් මේකෙන් ගොඩ එන්න තිබෙන්නෙත් නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් අපේ මාතෘ භූමිය තුල ස්ථාපිත කිරීමෙන් පමණයි.

මේ සියලු ජනතාව පෙගස්වන්න පුලුවන් ඒකරාශි කරන්න පුලුවන් මහජන ව්‍යාපාරයක් බවට අප සහ ඔබ එක්ව ජාතික ජනබලවේගය ගොඩනගන බව අපි ඔබට සහතික කර ප්‍රකාශ කරනවා. අපි එකක් කියන්න ලෑස්තියි අපි සූදානම් මේ රට භාරගන්න. ඒ වගේම අපි සූදානම් මේ රට හදන්න.”

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img