සාමකාමි වාතාවරණයක් පවතින අවස්ථාවක හිටි හැටියේ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ගැටළු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමග එහි පවතින සියලු කමිටුද අහෝසි වන හෙයින් එම කමිටු අලුතින් පිහිටුවීමට සිදුවන බවත් එම කමිටු හරහා කරගෙන ආ වැඩපිලිවෙලට නැවත එම කමිටු පිහිටුවීමේදි බාධා මතුවන බවද ඔහු සඳහන් කරයි.
එමෙන්ම ඕනෑම රටක විධායක බලය ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව ක්‍රියාත්මක විය යුතු බවත් පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානූකූලව බලය තිබුනද එය ක්‍රියාත්මක කල යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව අවධානය යොමුකරමින් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.