රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට වැඩ වර්ජන කිරීමට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැති බවත් එමගින් ජනතාවට සෞඛ්‍ය සේවාව ලබා ගැනීමට ඇතිවන බාධා හේතුවෙන් ඔවුන්ට එරෙහිය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේම ජේෂ්ඨ සාමාජික වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සඳහන් කරයි.
අද (23) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කරනුයේ තමන් වසර 23ක් පුරාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු ව සිටින බවත් 2021-2022 නිලවරණය සඳහා තමන් ප්‍රධාන ලේකම් තනතුර සඳහා නාමයෝජනාද බාරදුන් අයෙකු බවත් GMOA වර්ථමාන ක්‍රියාකලාපය තමා හොඳින් දන්නා නිසා මෙලෙස අදහස් ප්‍රකාශ කරන බවද ඔහු පැවසීය.
තවද පාදෙණිය ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්ථමාන තනතුරු දරන බහුතරයක් පැවැති නිලවරණයෙන් ජයග්‍රහණය කළේ මැරුණු අයගේ,විශ්‍රාම ගිය අයගේ,විදෙස් ගත වුණ අයගේ නම් වලින් පවා හොරට තැපැල් ජන්ද දැමීමෙන් වන අතර මෙවර තමන් විසින් එය වැලැක් වූ බවයි වෛද්‍ය අතපත්තු කියාසිටියේ.
එමෙන්ම මොරටුව දිසා අධිකරණය විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයට නැවත නාමයෝජනා කැඳවා එය පවත්වන තෙක් එහි නිලතල භාවිතා කිරීම අත්හිටුවා ඇති බවත් ඒ අනුව එහි සභාපති ලෙස කටයුතු කරන අනුරුද්ධ පාදෙනියගේ නමට එම තහනම් නියෝගය පවතින නමුත් ඔහු මෙන්ම තවත් නිලධාරීන් කිහිප දෙනෙකු අධිකරණයට අපහාස කරමින් කටයුතු කරන බව වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු චෝදනා කරයි.
”ඔවුන්ට අවශ්‍ය වෙන්නේ වෛද්‍යවරුන්ගේ සුභසාධනය නෙවෙයි. පහුගිය කාලේ පොහොර ගැන කතා කරලා විනාශයක් කළා. කිරිපිටි ගැන, අධ්‍යාපනය ගැන කතා කළා. නමුත් වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න ඔවුන්ට පෙනෙන්නේ නැහැ.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කිහිප දෙනෙකුට ඕනේ මේක දේශපාලන අරමුණු වෙනුවෙන් ගෙනියන්න. සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඔවුන්ගේ නිලධාරීන් හතර පස් දෙනෙක් ලිපිකරුවොත් එක්ක දාගෙන වෙන වැඩකට ලෑස්ති වුණේ. හරියට ඔවුන් තමා හැමදේම කරන්නේ,ඒ නිසා වෛද්‍යවරු එන්න ඕනේ ඔවුන්ගේ පස්සේ කියන එක පෙන්වන්න. නමුත් ඔවුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ එහෙම ඉන්න ලැබුණේ නැහැ. ඒ නැති වුණ දේ තමයි නැවත ඔය වෙන විදිහකට ගන්න හදන්නේ.පත්වීම් වලට අත්සන් කරන්න හරි මාරු මණ්ඩලවලට අත්සන් කරන්න රයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බලයක් නැහැ. ඔවුන් ඉන්නේ නිරීක්ෂණ මට්ටමේ.වෘත්තීය සමිතියක්.ස්ථාන මාරු වීම වුණත් අවුරුදු හතරෙන් හතරට හරියට වෙන්න ඕනේ. ඔවුන්ගේ අය ඇර අනිත් ඔක්කොම ස්ථාන මාරු වෙන්න ඕනේ. මේක මහා අසාධාරණයක්.”