අද (16) දින සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇත.
එමෙන්ම එම මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරමින් කෝවිඩ් වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ජනතා දායකත්වට ලබා දෙන ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අසේල ගුණවර්ධන මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව වලදි පත්පැන් පිළිගැන්වීමේ තහනම ඉවත් වී ඇති අතර අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගි විය හැකි සංඛයාව උපරිම 30ක් දක්වාද වැඩි කර ඇත.