හාලි ඇළ අඹවක ප්‍රදේශයේ අවුරුදු 14ක දැරියක් දූෂණය කල බවට සැක කෙරන පුද්ගලයන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හාලි ඇළ පොලිස් ස්ථානාධිපතිවරයාට ලස තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල දැරියගේ උදරයේ වේදනාවක් ඇති බව මවට පැවසීමත් සමග හාළි ඇළ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වෙත අදාල දැරිය යොමුකරමින් පරික්ෂා කර තිබෙන අතර එහිදි ඇය මාස 04ක ගැබිණියක් බවට අනාවරණය වී තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් පළමු සැකකරු වන්නේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර මවගේ අනුදැනුම මත දැරියව ආශ්‍රය කිරීමට එම පුද්ගලයාට අවස්ථාව සලසා දී ඇතැයිද එම පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
එම පුද්ගලයා අවුරුදු 41ක් හැවිරිදි විවාහකයෙකු බවත් ඔහුට අවුරුසු 7ක පුත්‍රයෙකුද සිටින බවත් පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම අත්අඩංගුවට ගත් දෙවන සැකකරු අවුරුදු 39ක් වන හාලි ඇළම පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහුද දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවත් පොලීසිය සඳහන් කරයි.
තුන්වන සැකකරුද හාලිඇළම පදිංචි පුද්ගලයෙකු වන අතර සැකකරුවන් සියළු දෙනා අත්අඩංගුවට ගෙන බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් ලබන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
එමෙන්ම මෙම අපරාධයට අනුබල ලබා දීම සම්බන්ධයෙන් දැරියගේ මවද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.