ඌව වෙල්ලස්ස බින්තැන්නේ දෙහිගම ප්‍රදේශයේ අක්කර පන්සිය හැත්තෑ දෙකක ගොවි බිම් හා ජනතාවගේ පාරම්පරික ඉඩම් උක් වගා ව්‍යාපෘතියක් හා සීනි නිශ්පාදනය සදහා ලබාදීමට මේවන විට රජය කටයුතු කරමින් සිටින බව පරිසර හා සෙබාදහම් අධ්‍යන මධ්‍යස්ථානයේ රවීන්ද්‍ර කාරියවසම් සඳහන් කරයි.
ඔහු සඳහන් කරනුයේ IMS හොල්ඩින් සහ සිංගප්පූරුවේ ගැසල්ස් වෙන්චර් සමාගම ආයෝජකයන් වශයෙන් බිබිල සිනි ව්‍යාපෘතිය සදහා ඉදිරිපත්ව සිටින බවත් 2013 වසරේ අසම්පූර්ණ පරිසර තක්සේරු වාර්ථාවක් සිදුකරමින් බිබිල සිනි සමාගම ඉහත උක්වගා ව්‍යාපෘතියට හා සිනි නිශ්පාදන කර්මාන්ත ශාලාව ඉදිකිරීම සදහා අක්කර තුන්සියයක් ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ඉල්ලා තිබුණු බවත්ය.
2017 වර්ෂයේ ජුනි 29 දින බිබිල සීනි සමාගම වෙත මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර ඇති පරිදී වසර තුනක් ඇතුළත මෙහි ඉදිකිරීමට අවසර දී ඇති බවත් ඉන්පසුව මෙම අවසරය වලංගු නොවන බවත් පරිසර අධිකාරිය යැවු අවසර ලිපියේ සදහන් කර ඇති අතර ඒ අනුව මෙම අවසරය වලංගු වන්නේ 2013 වසරේ පරිසර තක්සේරු වාර්ථාව කල වසරේ සිට නම් එම අවසරය 2016 වසරේ අවසන් වනු ඇති බවද ඔහු සඳහන් කරයි.
වැඩිදුරටත් ඔහු සඳහන් කරනුයේ ඉහත අවසරය වලංගු වන්නේ මෙම ලිපිය නිකුත් කල දා සිට නම් එම අවසරය 2020 වසරෙන් අවසන් වන බවයි.
කෙසේ වෙතත් යල් පැන ගිය අවසර ලිපියක් භාවිතා කරමින් දේශපාලන සහයෝගය ඇතිව බිබිල සීනි සමාගම 2023 වසරේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උත්සහ දරමින් සිටින බවද ඔහු චෝදනා කරයි.
මෙය මධ්‍යම පරිසර අධිකාරියේ නීති රෙගුලාසි වලට පටහැනි අතර මේ මගින් ජාතික පාරිසරික පන දත උල්ලංඝනය වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
රිදීමාලියද්ද බින්තැන්නේ දෙහිගම ගම්වාසින්ගේ පාරම්පරික ඉඩම් මෙලෙස නිසි පරිසර තක්සේරු වාර්ථාවක් වත් නොමැතිව බහු ජාතික සමාගම් වෙත ලබා දීමට රජය දේශපාලනිකව බිබිල සීනි සමාගමට උපකාර කරමින් සිටින බවද ඔහු චෝදනා කරයි.
මාදුරැ ඔය ගංගා නිම්නයේ ඉතා සාරවත් ඉඩම් ලෙස පැවති මෙම පාරම්පරික ඉඩම් ගොවි ජනතාවගෙන් උදුරගෙන උක් වගාව සදහා ලබාදෙන්නේ 2011 වසරේ සිට 2050 දක්වා රජය දියත් කරමින් සිටින ජාතික භෞතික සැළසුම අනුව බවත් එම සැළසුම් කර ඇති ආකාරයට වී සහ දේශිය වගාවන් කිරීම වෙනුවට සමාගම් වලට වැඩි ලාභයක් ලබාගත හැකි භෝග වගාවට ඉඩම් ලබාදීම රජයේ ප්‍රමුඛ කාර්යක් බවත් ඒ අනුව පුරාණ ඌව වෙල්ලස්සේ, බින්තැන්න ප්‍රදේශයට අයිති රිදීමාලියද්ද දෙහිගම පිහිටි මෙම ඉඩම් සිංගප්පූරු ගැසල්ස් වෙන්චර් සමාගම වෙත අනවසරයේ ලබාදීම මේ වන විට සිදු කරමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි.