Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

සිරුරට ගිණිතබා  ගෙන මිය ගිය කාන්තාවන් 20ක් මේ වසරේදී

සිරුරට ගිනිතබා ගනිමින් කාන්තාවන් 21 දෙනෙකු මේ වසර ඇතුලත කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇතැයි කොළඹ නාගරික මරණ පරීක්ෂඛ ඉරේෂා සමරවීර සඳහන් කරයි.

මොවුන් අතරින් එක් කතක් හැර අනෙක් 19 දෙනාම අවුරුදු 20-30 අතර විවාහක කතුන් යැයිද ඔවුන් අතරින් 99෴ ක්ම තම සිරුරට ගිනිතබාගෙන ඇත්තේ ස්වාමිපුරුෂයා බිය වැද්දීමට බවත් සිය දිවි නසා ගැනීමේ අදහසක් නොමැතිව බවත් ඇය සඳහන් කරයි.

එමෙන්ම මේ සියළු දෙනා ගිණිතබා ගත් මොහොතේ පටන් තමන් බේරා දෙන්නැයි අන් අයගෙන් ඉල්ලීම් කල බවද අනාවරණය වී ඇතැයිද ඇය වැඩිදුරටත් පැවසීය.

50෴ ඉක්මවූ තුවාල පිලිස්සුම් ඇති රෝගීන් බේරා ගැනීමට අපහසු බවත් මේ සියලු දෙනා මිය යන මොහොත දක්වා ඉතා හොඳ සිහිකල්පනාවෙන් සිට ඇති බවත් පවසන ඇය සඳහන් කරනුයේ සාමාන්‍යයෙන් ශරීරයට ගිනි ඇවිළුණු විට ගින්න නිවා දැමීමට අපහසු වන්නේ සමට යටින් ඇති තෙල් තට්ටුව ගින්නට හොඳ උත්පේරකයක් වන හේතුවෙන් බවයි.

එමෙන්ම මේ හේතුවෙන් දර කැබැල්ලකට වඩා ඉක්මණින් ශරීරයට ගිණි ඇවිලෙන්නේ ඒ නිසාද යැයි පවසන ඇය සඳහන් කරනුයේ අනුන් බිය වැද්දීමට ගිනි තබා ගැනීමක් කරන්නට පවා සිතීමම සුදුසු නැති බවයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img