බොරැල්ල සහස්පුර මහල් නිවාස සංකීරණයෙන් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මහල් නිවාස සංකීරණයෙන් ඇදවැටී බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
මියගොස් ඇති පුද්ගලයා 31 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි අයෙකු වන අතර මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර බොරැල්ල පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.