බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ අත් බෝම්බය සම්බන්දව පොලිසිය විසින් සිදුකරන පරීක්ෂණ පිලිබඳව කිසිදු අයුරකින් සෑහීමකට පත්විය නොහැකි බව මීසම් ධර්මසේවා සභාව සඳහන් කරයි.
ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් බොරැල්ල මීසම් භාර පියතුමන් වන ජූඩ් ශ්‍යාමන් පියතුමන් සහ මීසමේ ධර්මසේවා සභාව පෙන්වා දෙනුයේ අදාල පරීක්ෂණ සිදුවන ආකාරය ප්‍රශ්න සහගත බවයි.
අදාල දේවස්ථානයේ සිදුවීම සිදුවූ ස්ථානයේ ඇති cctv දත්ත අනුව සැකකරුවන් හඳුනාගැනීමට පොලීසියිට හැකියාව තිබියදීත් එලෙස කටයුතු නොකිරීම දැඩි ප්‍රශ්නකාරි තත්ත්වයක් බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
එමෙන්ම අදාල සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති සහ කඩිනම් පරීක්ෂණයක් සිදු කිරීමට රජය සහ බලධාරීන් පියවර ගත යුතු බවත් එම නිවේදයේ සඳහන් වෙයි.