ඉන්ධන මිල ඉහල දැමීමත් සමග සියලු බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා යෙදවුම් මිලත් ප්‍රවාහන ගාස්තුත් එකතු කල විට ඉහල අගයක් ගන්නා බැවින් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට සියලු බේකරි නිෂ්පාදන මිල ඉහල දැමීමට පියවර ගන්නා බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 100ක් දක්වා වැඩි කිරීමටත් සියලු බේකරි නිෂ්පාදන කිසිදු මිල පාලනයකින් තොරව බේකරි නිෂ්පාදන හිමියාට තීරණය කිරීමට ඉඩ ලබා දෙන බවත් සඳහන්.
ඒ අනුව මින් ඉදිරියට සියලු බේකරි නිෂ්පාදන ඉල්ලුම හා සැපයුම මත තීරණය කෙරෙන බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.