අවසන් වරට බස් ගාස්තු ඉහල දැමීම සඳහා අනුමැතිය ලබා දුන් අවස්ථාවේද නැවත ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවුවහොත් බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බවට බස් හිමියන් එකඟතාවට පැමිණි බැවින් ඉන්ධන මිල ඉහල ගියද බස් ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කරයි.
ඊයේ (06) පැවති උත්සවයකින් අතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
ඉන්ධන හා අමතර කොටස් මිල ගලපා ගනිමින් බස් ගාස්තු සංශෝධනය කිරීමේ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කර ඇති බවත් බස් ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමේදි සූත්‍රයට අනුකූලවම එය සිදු නොකර ජනතාවට යම් සහනයක් ලබා දීමට පියවර ගන්නා බව පවසන අමාත්‍යවරයා සඳහන් කරනුයේ අවසන් වරට ගාස්තු වැඩි කිරීමේදි මෙවැන්නකට නොගොස් මිල සූත්‍රයට අනුවම ගාස්තු ඉහල නැංවූ බවත් මේ සඳහා අවසර ලබා දුන්නේ නැවත ඉන්ධන මිල ඉහල ගියද බස් ගාස්තුව ඉහල දැමීමක් සිදු නොකරන බවට බස් හිමියන් එකඟතාවට පැමිණි නිසා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.