Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

මහ බැංකුව විදියට අපි අ.ඩො මිලියන 500ක ණය ගෙවීම් කරනවා

janamaga.com_ajith_nivard_kabral

අද (18දා) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්  පැවසුවේ, ඊට අදාළ සියලු ලිපි ලේඛන සකස් කර ඇති බවය.

අද (18දා) අදාළ ගෙවීම සිදුකරන බව අජිත් නිවාඩ් කබ්රාල්  ප්‍රකාශ කළ අතර, වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය,

“අපි මහ බැංකුව විදියට හෙට දිනයේ අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ස්වෛරී බැඳුම්කර සඳහා ගෙවීම කරනවා. ඒ නිසා ඒ ගැන කිසිම කෙනෙක් කලබල වෙන්න අව‍ශ්‍යතාවයක් නෑ. ඒ සඳහා සම්පූර්ණ ලියකියවිලි සියලුම දේවල් අපේ මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුව විසින් ඒවා සකස් කරලා තියෙනවා. ඒ නිසා ඒ ගෙවීම ඒ ආකාරයටම සිදුවෙයි. යම් අභියෝගයන්ට අපි මුහුණ දී තිබෙනවා. ඒ සෑම අභියෝගයක්ම අපි ජයගෙනත් තියෙනවා. මේ අවස්ථාවේ දී යම් අවස්ථාවක බැංකුවල තිබෙන ඩොලර් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් නම්, ඒ හිඩස පිරවීම ට මහ බැංකුව බැදිලා ඉන්නවා. මම මේ පිළිබඳව ජනාධිපතිතුමා සමගත් අගමැතිතුමා සමගත් මුදල් අමාත්‍යතුමා සමගත් සාකච්ඡා කළා. එවැනි අවස්ථාවල දී අපි ඒ මුදල් ලබාදීමට කටයුතු කරනවා. ඒ නිසා කිසිම හිඟයක් මුදල් නැති නිසා ඇති කර ගැනීමට අපි බලාපොරොත්තු වෙන්නේ නෑ.”

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img