ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවද රජයට ඉල්ලීමක් කල බව එහි සභාපතිවරයා සඳහන් කරයි.
ලංකා ඉන්දියන් ඔයිල් IOC සමාගම ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණයට සාපේක්ෂව මෙම ඉල්ලීම කළ බවද එහි සභාපති සුමිත් විජේසිංහ සඳහන් කරයි.
ආනයන මිල සැසඳීමේදී ජනවාරි මාසය තුල ඩීසල් ලීටරයකින් රුපියල් 32.5ක පාඩුවක් සිදුවූ බවත් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 5කට ආසන්න ප්‍රමාණයක් අලාභ වූ බවත් සඳහන් කරන සභාපතිවරයා සඳහන් කරනුයේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් එමගින් ඉන්ධන මිල ඉහල නැංවීමට සංස්ථාව ඉල්ලා ඇති බවද සභාපතිවරයා සඳහන් කරයි.