Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

මගේ හඬ නිහඬ කරන්න හදනවානම් ඒක හීනයක් – චමුදිත කියයි

janamaga-chamuditha-samarawikrama

තමාගේ හඬ අහිමි කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ ගනිමින් සිටින බවත් එහෙත් තමාගේ හඬ අහිමි කිරීම ඔවුන්ට සිහිනයක් බවත් මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රම සඳහන් කරයි.

අද අළුයම සිදුවූ ප්‍රහාරය සම්බන්ධව මාධ්‍යෙවත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“අද (14) දා අලුයම 2ට පමණ මමත් බිරිඳත් දියණියත් නිදාගෙන සිටියෙ. එක්වරම විශාල ශබ්දයක් සමඟ අපිට ඇහැරුනා. පසුව බලද්දී දිගින් දිගටම නිවසේ ඉදිරි පසින් ශබ්ද කිහිපයක් ඇසුනා.  ඒ සමගම ගල් ප්‍රහාර මගේ නිවස දෙසට එල්ල වන ආකාරයේ ශබ්ද කිහිපයකුත් ඇසුනා .ඒ වගේම වෙඩි ශබ්ද වැනි යම් ශබ්ද කිහිපයකුත් ඇණුනා.

පසුව මම 119 හදිසි ඇමතුම් අංකයට කතා කරල. දොර ඇරලා බලද්දි නිවසේ ඉදිරිපිට ජනෙල් වල වීදුරු වලට දැඩි හානි සිදුව තිබුණා . මේ ප්‍රහාරය එල්ල කර තිබුණේ ඉන්ටලොක් ගල් වැනි  ගල් වලින්. ඒ වගේම නිවසේ ඉදිරිපිට පැමිණ බලද්දි විශාල දුඟදක් දැනුනා. ඒ වෙලාවෙ තමයි දැනගත්තෙ  නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල කර තියෙනවා කියල. මේ අසූචි ප්‍රහාරයට භාවිතා කරලා තියෙන්නේ අසූචි බහාලු මුට්ටි. ඒත් මේ ප්‍රහාරය එල්ල කලේ කවුද කියලා අපි දැක්කේ නැහැ .

නමුත් ප්‍රහාරය සඳහා පැමිණියේ  කළුපාට ජැකට් පැළඳ සම්පූර්ණ මුහුණු ආවරණය කරගත් තිදෙනෙක් . අපේ නිවස පිහිටලා තිබෙන්නේ සම්පූර්ණයෙන් අවට ආවරණය කරපු කලාපයක. ඒ අනුව අපේ නිවස පිහිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාට පසුව දුරකථනයෙන් කතා කළා.

ඔහු අපි සමග පැවසුවේ වැගන්ආර් වැනි සුදු පාට  වාහනයකින් සිව් දෙනෙක් ආවා .ඉන් එක් අයෙකු මගේ ආරක්ෂක කුටියට ඇවිල්ලා පිස්තෝලයක් එල්ල කරල මාව යටත් කරගෙන හිටියා .අනිත් තුන් දෙනා තමයි අපේ නිවස පැත්තට ආවෙ කියලා . ඒ අනුව තමයි අපි දැනගත්තේ මේ මැර ප්‍රහාරය සඳහා සිව් දෙනෙක් ඇවිල්ල තියෙනව ඉන් එක්කෙනෙක් ආරක්ෂක කුටි ඉඳලා ඉතුරු තුන්දෙනා අපේ නිවස දෙසට ඇවිල්ල මේ ප්‍රහාරය එල්ල කරල කියලා .

මේ ප්‍රහාරය එල්ල  කලේ කවුද කියලා මම දන්නෙ නෑ. පොලිසිය මගෙන් ඇහුවා සැකකටයුතු කවුරුහරි ඉන්නවද කියල. ඒත් හරියටම දකින්නේ නැතුව මට කවුරුවත් සැක කරන්න බෑ . හැබැයි එක දෙයක් මට කියන්න පුලුවන් පහුගිය කාලේ මේ රටේ සිද්ධ වෙච්ච වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව අපි දිගින් දිගටම මාධ්‍ය හරහා කතා කළා. ඒවට කුපිත වෙච්ච පිරිසක් මගේ හඬ නිහඬ කරන්න මෙහෙම කලාද දන්නෙ නැහැ .

හැබැයි මං ඒ අයට කියනවා ඒ අරමුණෙන් මගේ හඬ නිහඬ කරන්න. මාව බය කරන්න මේ විදිහයි මැර ප්‍රහාර එල්ල කරා නම්,  ඒක කවදාවත් කිසිසේත්ම සිද්ධ වෙන්නෙ නෑ.  ඒක සිහිනයක්ම පමණක් බව  පැහැදිලිවම කියන්න ඕනේ .

සිද්ධිය සම්බන්ධයෙන් පිලියන්දල පොලිසියේ නිලධාරීන් ඇවිල්ල පරීක්ෂණ මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා .ආරක්ෂිත කැමරා පද්ධතියේ දර්ශන තියෙනවා .අපි බලාපොරොත්තු වෙනවා මේ සිද්ධියට සම්බන්ධය උනේ කවුද කියන එක ඉක්මනින්ම හොයා ගනීවි කියලා. මොකද මේ රටේ ඉතාමත්ම දක්ෂ පොලිස් දෙපාර්තමේන්තුවක් තිබෙන නිසා”

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img