කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපති චානක අමිල් රංගන ගේ සභාපති ධූරය තාවකාලිකව අත්හිටුවමින් හම්බන්තොට මහාධිකරණය අද (11) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
ඒ පසුගියදා කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කල අයවැය දෙවරක් පරාජය වීමෙන් අනතුරුව සභාපතිවරයා වෙනුවට උප සභාපතිවරයා වැඩ බැලිය යුතු නමුත් ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් සභාපතිවරයාට සභාපතිධූරයේ කටයුතු කල හැකි බවට නිකුත් කල ගැසට් නිවේදනයට එරෙහිව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් විසින් හම්බන්තොට මහාධිකරණයේ ගොනුකල නඩුවක් සලකා බැලීමේදීය.
එම නඩුව සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විසින් හම්බන්තොට ප්‍රාදේශිය සභාවේ සභාපති චානක අමිල් රංගනගේ සභාපතිධූරය තාවකාලිකව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.