විවාහක රෑ රැජින වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුල ගැලවීම මේ දිනවල නිරන්තර කතා වන මාතෘකාවක් බවට පත්ව තිබේ. කෙසේ නමුත් පුෂ්පිකාගෙන් ගැලවූ කිරුළේ ගැටුම තවමත් අවසන් වී නෑ.
මේ ගැටුම මේ වනවිට විවාහක රෑ රැජින තරඟය දක්වාම දුර ගිහින් තිබෙනවා. පුශ්පිකා සඳහන් කරන්නේ ඇයට ජයග්‍රහණය නොදී ඇත්තේ ලංකාවේ දක්ෂ නීරුපණ ශිල්පියෙක් වන චන්දිමාල් ජයසිංහ බවයි. කෙසේ නමුත් මේ පිලිබඳ අදහස් දක්වමින් චන්දිමාල් ජයසිංහ ප්‍රකාශ කරන්නේ තමන්ට දැන් මෙය හිසරදයක් බවට පත්ව ඇති බවයි.
“ඇත්තම කියනවනම් මට දැන් මේක හිසරදයක් වෙලා තියෙන්නේ, මම පසුගිය කාලෙම වැඩ කලේ මේ දේවල් එක්ක, ඇත්තම කියනවනම් මේ ලෝක රූ රැජින තරඟය නිසා මට මිලියන ගානක වැඩ පාඩු වුනා. ච්චර කැප කිරීමක් කරලත් හැම දේටම චෝදනා කරන්නේ අපිට එකයි කනගාටුව”
එමෙන්ම පුශ්පිකා තමන්ට එල්ලකරන චෝදනා සම්බන්දයෙන් චන්දිමාල් තවදුරටත් මෙලෙස පැහැදිලි කරනු ලැබුවා.
“ඒක එයාගේ හැටි එයා මුලින්ම චෝදනා කලේ එයාගේ මනේජර්ට ලංකාවට ඇවිල්ලත් ටික කාලයට පස්සේ තමයි අපිට චෝදනා කරන්නේ. එයා ඇඳුමක් නැතුව අඬද්දි ඇඳුමක් අරන් දුන්නේ මම ඒ බිල් තාම මගේ ගාව තියෙනවා. එයා කියන්නේ එයා ගත්තා වගේ. එයා මොනවා කිවුවත් මමවත් රෝසි මහත්මියාවත් වරදක් කරලා නෑ, මම මෙහෙම හරි මේ ගැන කතා කරන්නේ රෝසි මහත්මියට චෝදනා කල නිසා නැත්තන් මම මේ ගැන කතා කරන්නේවත් නෑ.
පුෂ්පිකා මිලියන ගණන් කිවුවට එයා ඇඳපු ඇඳුමට පන්දාහකවත් රෙදි ගිහින් නෑ. ඒ විතරක් නෙවෙයි එයා මට චෝදනා කළා මම එයාගේ මැනේජර් කනේක්ගේ ෆෝන් එකක් හොරකම් කළා කියලා. මම අයි ෆෝන් තෑගී දෙන කෙනෙක් එහෙම එකේ මොකටද මම කාගේවත් ෆෝන් හොරකම් කරන්නේ. එයා පරාද වෙච්ච එකට අපිට චෝදනා කරලා වැඩක් නෑ එයාට ඒ තීරණේ දුන්නේ විනිසුරු මඩුල්ල ඒක අපිට අදාළ නැ”