රටේ කිසිදු අත්‍යවශ්‍ය ඖෂධයක හිඟයක් මේ දක්වා නැති හෙයින් අනවශ්‍ය ආකාරයට ඖෂධ නිවෙස්වල ගොඩගසා ගැනීමෙන් හෝ ගබඩා කර ගැනීමෙන් වළකින්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
රටට අවශණ ඖෂධ චීනයෙන් සහ ඉන්දියාවෙන් ණයට ගෙන එන බැවින් ඩොලර් ප්‍රශ්නයක් ඖෂධ සඳහා බලනොපාන බවද ඔහු සඳහන් කරයි.
විවිධ පුද්ගලයන් විසින් ගෙනයන කටකතා හේතුවෙන් රටේ ඖෂධ හිඟයක් ඇතිවේයැයි ජනතාව තුල බියක් හට ගෙන ඇතැයිද අවශ්‍ය ඖෂධ අවශ්‍ය තරම් පවතින නිසාවෙන් ජනතව ඒ සම්බන්දව බියක් ඇති කරගත යුතු නැතැයිද අමාත්‍යවරයා මෙහිදි පවසා සිටියේය.
එසේම ඖෂධ හිඟයක් ඇතිවේයැයි බිය නිසා ඇතැමුන් මාස හයකට ඖෂධ නිවෙස් වල ගබඩා කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එලෙස කටයුතු කිරීමෙන් වලකින ලෙසත් අමාත්‍යවරයා මෙහිදි ඉල්ලා සිටියේය.