චීන පොහොර සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් වන්දි ගෙවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අදාල චීන සමාගමට මෙලෙස අදාල වන්දි මුදල ගෙවීමට රජය තීරණය කර ඇත.
පසුගියදා චීනයෙන් ආනයනය කරන ලද කාබනික පොහොර සාම්පලවල තිබී අහිතකර ක්ෂුද්‍රජීවින් අවස්ථා දෙකකදී මෙරටදි හඳුනාගැනීමත් සමග චීනයේ අදාල කාබනික පොහොර ගෙන්වීම නැවැත්වීමට රජය තීරණ කර තිබුණි.
කෙසේ වෙතත් අදාල ක්ෂුද්‍රජීවින් සම්බන්ද පලවූ වාර්තා අසත්‍ය බව චීනය සඳහන් කල අතර ඔවුන් පෙන්වා දෙනුයේ සෙල්සියස් අංශක 600ක උෂ්ණත්වයක ජීවානුහරණය කිරීමේදි අහිතකර ක්ෂුද්‍ර ජීවින් සම්පූර්ණයෙන්ම විනාශ වන බවයි.