Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

කොරෝනාවෙන් පසු විශාදය සහ කාන්සාව වැනි රෝග වල වැඩිවීමක්

කොරෝනා වසංගතයේ අතුරුපලයක් ලෙස විශාදය, කාන්සාව වැනි රෝගී තත්වයන්ට ගොදුරු වූ පිරිසෙහි විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බවත් මානසික රෝගී තත්ත්වය උග්‍ර අතට පත්වන තුරුම බොහෝ දෙනෙකුට එය නොදැනෙන බවත් ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍ය මනෝ සංජීවන අමරසිංහ පෙන්වා දෙයි.

පසුගිය 2021 වසරේදී ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ මානසික සෞඛ්‍ය උපකාරක සේවා හදිසි ඇමතුම් අංශයට මේ දක්වා ඇමතුම් 28,508ක් ලැබී ඇතැයිද එදිනෙදා පුරුදු ජීවන රටාව වෙනස් වීමෙන් මෙම තත්ත්වය ඇතිවීමට දැඩිව බලපාන බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම මෙම ලැබුණු ඇමතුම්වල ප්‍රධානව පැවති කාරණ වන්නේ ගෘහස්ථ හිංසනයට ලක්වීම නිසා ඇතිවන පීඩනය, සියදිවි නසාගැනීමට සිත් දෙන මානසික අවපීඩනය ආදි රෝග ලක්ෂණ දක්නට ලැබීම බවත් වෛද්‍යරයා සඳහන් කරයි.

කොරෝනා සංචරන සීමා කාලයේදී බොහෝ පවුල්වල සාමාජිකයන් නිවෙසටම සීමා වීම වාසි අවාසි ඇති කළ තත්වක් බව පෙන්වා දෙන වෛද්‍යවරයා සඳහන් කරනුයේ පවුල් සංස්ථාව තුළ ඇතිවන මතභේද ඉතා අසහනකාරි තත්ත්වයකට මග පැදී ඇති බවයි.

රැකියා අහිමි වීම, ව්‍යාපාර කඩා වැටීම, නිවෙස තුළ වෙනදාට වඩා කාර්ය බහුල වීම, නුරුස්සනා ස්භාව මෙන්ම අන්තර්ජාලයේ වැඩි වශයෙන් සැරිසැරීම මෙම විශාදයට විශාල ලෙස බලපාන බව වෛද්‍යවරයා විසින් පෙන්වා දෙයි.

මානසික සෞඛ්‍ය උපකාර සේවා හදිසි ඇමතුම් අංශයට ලැබුණු ඇතැම් දුරකතන ඇමතුම් අතර තම දරුවන් ජංගම දුරකනවලට ඇබ්බැහිවීම ආදියද දක්නට ලැබුණු බවද පෙන්වා දෙයි.

ක්‍රීඩා කටයුුතු බාහිර ක්‍රියාකාරකම් නොමැතිව නිවෙසටම කොටු වී ජීවත් වීමට සිදු වීම හේතුවෙන් ඇතැම් දරුවන් සහ වැඩිහිටියන් තුළ කලකිරෙන සුළු තත්ත්වයක් මෙන්ම කාන්සාව වැඩිවීමද දක්නට ලැබෙන බව වෛද්‍යවරයා විසින් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img