Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඥානසාර සහ සිරිල් ගාමිණි ප්‍රභාකරන් සහ සහරාන්ගේ කාසියේ දෙපැත්ත වගේ – ඩිලාන්

janamaga-dilan-perera

ගලගොඩ අත්තේ ඥානසාර සහ සිරිල් ගාමිණි යනු ප්‍රභාකරන් සහ සහරාන් යන පුද්ගලයන් දෙදෙනාම එකම කාසියේ දෙපැත්ත වූවාසේ සමාන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කරයි.

පසුගිය දිනක හාලිහඇල පැවති වැඩසටහනකට සහභාගි වෙමින් ඔහු මේ පිලිබඳව සඳහන් කළේය

“කොරෝනා කියන රෝග වසංගතයත් එක්ක අපේ රට දේශපාලන වෛරය ක්‍රෝධය කුහකකම ඉස්මතු වෙච්ච රටක් බවට පත්වුණා. හැබැයි අපේ රටේ උදේ ඉඳන්ම ඇහෙන්නේ බණ. උදේට රේඩියෝ එක දැම්මම ඇහෙන්නේ බණ, දවල්ටත් බණ, රෑට පිරිත්, පහුවදා උදේට ආපහු පිරිත්, පෝයදා උදේ පටන් රෑ වෙනකල් බණ.

මම මේ කියන්නේ අර ඥාණසාර හාමුදුරුවන්ගේ බණ ගැන නෙවේ. උන්වහන්සේ කියන්නේ අමුතු බණක්නේ. ඥාණසාර හාමුදුරුන්ගේ අමුතු බණ ගැන මම කීවේ මීට අවුරුදු ගාණකට කලින්. එතකොට ඥාණසාර හාමුදුරුවෝ මට හේතුවක් නැතිවම සත්තුවත්තේ ඉන්න සිංහයා හැර අනෙක් ඔක්කෝම සතුන්ගේ නම් කියලා ප්‍රසංසා කළා. මම නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා කියලා උන්වහන්සේට මෛත්‍රී කළා. ඥණසාර හාමුදුරුවන් ගැන එදා මම කීව වෙලාවේ මට හිනාවුණු මිනිස්සු එදා මම කීවදේම අද ෆේස්බුක් එකෙන් කියනවා.

ඥාණසාර හාමුදුරුවෝ අර එක නීතියක් කොමිටියේ සභාපති කිරීම පවා මම අනුමත කරන්නේ නෑ. ඒ එක්කම සිරිල් ගාමිණී පියතුමා තමන්ට කියන්න ඕන ඕන දේවල් කියලා මම සීඅයිඩී එකට ගිහින් කටඋත්තරයක් දෙන්නෙ නෑ කියන එකත් මම අනුමත කරන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් ඥාණසාර හාමුදුරුවොත් සිරිල් ගාමිණී පියතුමත් එකම කාසියේ දෙපැත්ත වගේ.  හරියට ප්‍රභාකරනුයි සහරානුයි එකම කාසියේ දෙපැත්ත වුණා වගේ.”

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img