අවිධිමත් හා අපක්ෂපාතී නොවූ විනය පරීක්ෂණයක් යළිත් කැඳවයි..
කොරෝණා වෛරස් ආරම්භයේදී එම වෛරසය සම්න්ධව මාධ්‍ය හමුවේ මහජනතාව සහ රෝගීන් නිරන්තර දැනුවත් කරනු ලැබූ වෛද්‍ය ජී.ජී.චමල් සංජීව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මිලේඡ්ඡ උත්සාහයක නිරතවන බවට වාර්තා වෙයි.
කෙසේ වෙතත් ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිරන්තර ජනතාව දැනුම්වත් කල යුතු අතර එහි සත්‍යතාව නිවැරදිව ජනතාව වෙත ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම ද වෙයි. නමුත් සත්‍ය ජනතාවට ඉදිරිපත් නොකර අසත්‍ය ජනගත කරමින් ජනතාව බිල්ලට දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල මුල් පෙලේ නිලධාරීන් කටයුතු කරන අවධියක එයට විරුද්දව ජනතාව දැනුම්වත් කිරීම සඳහා සෞඛ්‍ය සම්බන්ධව සත්‍ය පැවසූ වෛද්‍යවරුන් ඇතුලු බොහෝ දෙනෙකුට මේ වන විට සිය වෘත්තීය තනතුර අහිමි වීමේ අවධානමක් මතුව ඇත.
කොරෝණා වෛරසය ගැන සහ කොරෝණා වෛරසයට මුවා වෙමින් විවිද අක්‍රමිකතා සිදුකල පිරිස් ගැන හෙලිදරව් කිරීමට කටයුතු කල බොහෝ වෛද්‍යවරුන් මෙන්ම නිලධාරීන් දඩයම් කරමින් යන සෞඛ්‍ය අමාත්‍යාංශය එහි ප්‍රථිපලයක් වශයෙන් වෛද්‍ය ජයවරුවන් බණ්ඩාරගේද තනතුරු සියල්ල අහිමි කරමින් සාමාන්‍ය වෛද්‍යවරයෙක් ලෙස සේවයට යොදවා ඇතැයිද අප මින් ඉහත වාර්තා කරන ලදි. එමෙන්ම මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම බිල්ල බවට පත්ව ඇත්තේ ජනතාවට කොරෝණා ගැන දැනුම්වත් කල වෛද්‍ය චමල් සංජීවය.
එයට හේතුව ලෙස කොරොනා වෛරසය ගැන බොහෝ දෙනා සත්‍ය කතා කිරීමට බිය වූ මොහොතක කොරොනා තෙවන රැල්ල නිසා නිසි පාලනයක් හෝ රට අගුළු දැමීමේ ක්‍රමවේදයක නොගිය හොත් ඉතා විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් හානි හැකි බවත් ආසාදන ලක් වන අයගෙන් සියයට එකකට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් විය හැකි බවටත් මෙරට ප්‍රසිද්ධ පුවත්පතක් වන දිවයින පුවත්පත හරහා සහ අනිකුත් ජන සන්නිූවේදන මාධ්‍ය හරහා රටම අනතුරු ඇඟවීමක් කළ විද්‍යා සන්නිවේදක විශේෂඥ වෛද්‍ය ජී ජී චමල් සංජීවට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විනය පරීක්ෂණයක් පවත්වා ඇති අතර රාජ්‍ය සේවා කොම්සන් සභාව මගින් අදාල වෛද්‍යවරයාගෙන් මේ පිලිබඳව නිල වශයෙන් කරුණු විමසීමට කටයුතු කොට ඇත.
රාජ්‍ය නිලධාරිවරයෙකු ලෙස අමාත්‍යංශයේ නිසි අවසරයෙන් තොරව රජය අපහසුතාවයට පත් වන අන්දමට වෛසරය සම්බන්ධව ජනතාවට කරුණු පැහැදිලි කිරීම මෙම චෝදනාවට පදනම බවද සඳහන්. කෙසේ වුවත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වගකිවයුතු පුරවැසියන් වෘත්තියවේදීන් ලෙස ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාවට සත්‍යය සහ විද්‍යාත්මක කරුණු පැවසීමට රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පවතින අයිතියට අනුව වෛද්‍ය චමල් සංජීව කටයුතු කර ඇති බව පෙනී යන අතර එබැවින් අවිදිමත් සහ අර්‍රධ වශයෙන් පවත්වන ලද විනය පරීක්ෂණයක් හරහා මේ අන්දමට වෛද්‍ය චමල් සංජීවට දඬුවම් පැමිණීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශවවල දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.
එමෙන්ම රට අගුළු දැමීමකින් තොරව විවෘත ව පැවැති තත්ත්යක් හරහා කොරොනා තෙවන රැල්ල හරහා ඉතා විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් හානි විය හැකි බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය, ජයයර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය කණ්ඩායම් ද සිංගප්පූරුවේ වෙසෙන ශ්‍රී ලාංකික විද්‍යාඥ මලික් පීරිස් මහතා ඇතුළු කණ්ඩායම් ද ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබුණු අතර අවසානයේ දී රට අගුණ දැමීම සම්බන්ධයෙන් ප්‍රමාදවී හෝ රජය තීරණය කිරීමට දැඩි උනන්දුවක් දක්වනු ලැබුවේ වෛද්‍ය චමල් සංජීව මහතා අදාල පුවත්පත හා අනෙකුත් විද්‍යුත් නාලිකා හරහා සිදුකරනු ලැබූ අනතුරු ඇඟවීම් වලින් පසුවය. එහිදි වෛද්‍ය චමල් සංජීව කළ ප්‍රකාශවල ප්‍රතිථලයක් වශයෙන් ලක්ෂයකට ආසන්න මිනිස් ජීවිත ප්‍රමාණයක් බේරා ගැනීමට හැකිවූ බව බොහෝ වෘත්තීය සමිති සාමාජිකයන් ගේ මතයක් බවට පත්ව ඇත.
එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශ විමර්ශනය ඒකකය වෛද්‍ය චමල් සංජීවට එරෙහිව අවිධිමත් හා අපක්ෂපාතී නොවූ විනය පරීක්ෂණයක් පවත්වා ඇති බව හෙළි වන අතර ඒ මත පදනම්ව රාජ්‍ය සේවා කොමිසන් සභාව අදාල වෛද්‍ය චමල් සංජීව වෙත චෝදනා පත්‍රයක් නිකුත් කොට ඇති අතර චොදනා පත්‍රයට අනුව වෛද්‍ය චමල් සංජීව ජනතාවට අසත්‍ය කරුණු පැවසූ බවට සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ව්‍යාජ චෝදනා ගොනු කර ඇත.
එහෙත් වෛද්‍ය චමල් සංජීව මහතා කොරොනා මර්දනයේදී රෝග පාලනයේදී ගතයුතු ක්‍රමෝපායන් සම්බන්ධයෙන් දක්වන ලද කරුණු වල අඩංගු අසත්‍ය හා අවිද්‍යාත්මක කරුණු මොනවාදැයි පෙන්වා දීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ මෙතෙක් අපොහොසත් වී ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනමග අදල වෛද්‍යවරයා වන චමල් සංජීව සම්බන්ධ කරගනිමින් විමසීමේදී ඔහු සඳහන් කරනුයේ තමන් මේ පිලිබඳව නිල වශයෙන් ජනාධිපති, අගමැතිති මෙන්ම විපක්ෂ නායකයාද දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
වෛද්‍ය චමල් සංජීව වසර තිහකට ආසන්න කාලයක් මෙරට පුවත්පත් ගණනාවක මෙන්ම රෑපවාහිනි ගණනාවකම තම සෞඛ්‍ය දැනුම නොමඳව ලබා දෙමින් ජනතාව දැනුම්වත් කල අතර ඔහු විසින් අවස්ථා ගණනාවක් දීම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තම විද්‍යාත්මක පර්යේෂණ සඳහා සම්මාන දිනා ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ද අත්පත් කර දෙන ලදී.
එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරු රැසක් දරා ඇති ඔහු රෝහල් පරිපාලනය රාජ්‍ය පරිපාලනය සහ ව්‍යාපාර පරිපාලනය සදහා විද්‍යාපති උපාධි සහ විශේෂඥ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර ඇති අතර වෛද්‍ය චමල් සංජීව සෞඛ්‍ය ආර්‍රථික විද්‍යාව සදහා ආචාර්‍රය උපාධිය සම්පුර්‍රණ කර ඇති ශ්‍රී ලංකාවේ ලාබාලතම රෝහල් අධ්‍යක්ෂවරයා ද වෙයි..