උත්සය සමයෙන් පසු කෝවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කල බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
පසුගිය දිනවලට සාපේක්ෂව ඊයේ (14) දිනයේ කෝවිඩ් ආසාධිතයන් ඉහළ යාමක් සිදුවූ බවත් එය අහඹුවක් ද නැතිද යන්න මෙන්ම ඉදිරිටත් මෙය පවතීද යන්න දැන්ම ප්‍රකාශ කල නොහැකි බවද වෛද්‍යවරයා සඳහන් කරයි.
දෙසැම්බර් සහ ජනවාරි උත්සව සමයේදී වගකීමෙන් හැසිරෙන ලෙස ජනතාව දැනුවත් කල නමුත් ඇතැමුන් එය පිලිපැදීමකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් කෝවිඩ් රෝගීන් නැවත ඉහල යාමක් පෙන්නුම් කරන බවද අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.