Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

සභාපතිවරයාගේ අකාර්යක්ෂම පාලනයෙන් ඖෂධ සංස්ථාව අර්බුදයකට

janamaga-spc-prasanna-gunasena.jpg

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වංචා හා දූශණ සඳහා නායකත්ව දී කටයුකු කල අයෙකු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කරයි.

ඔහු විසින් සඳහන් කරනුයේ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ධූරයෙන් ඉල්ලා අස්වන බවට මාධ්‍ය මගින් ප්‍රචාරණයක් ලබා ගත් බවත් එවැනි ඉල්ලා අස්වීමක් සිදුකිරීමට තරම් වෙනත් වෘත්තියක් ඔහුට නොමැති බව තමන් මින් පෙරම පෙන්වා දුන් බවයි.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පෙන්වාදෙනුයේ වර්ථමානය වන විට දූශණ සහ අක්‍රමිකතා මගින් රාජ්‍ය ඖෂධ සංස්ථාව ගිල ගනිමින් පවතින මොහොතක අකාර්යක්ෂම කළමණාකරණ හේතුවෙන් මේ වන විටත් රාජ්‍ය ඖෂධ සංස්ථාව සතු ලිපි ගොනු රාශියක් අයාලේ ගොස් ඇති බවත් ඖෂධ කර්මාන්තය ආශ්‍රිතව සෘජු හා වක්‍ර රැකියා 25,000ක් පමණ උත්පාදනය වී තිබුණු අතර මේ වන විට එම සියල්ලන්ටම එම රැකියා අවස්ථා අහිමි වී ගොස් ඇති බවයි.

එමෙන්ම රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා ධූරයේ කටයුතු කරන කාලසීමාවේ ඖෂධ මිලද සීඝ්‍රයෙන් ඉහල ගොස් ඖෂධ වල ගුණාත්මකභාවට පහල වැටී තිබෙන බවත් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිත්වය සදහා දැනුමින් හා කළමණාකරණය අතින් සුදුසු අයෙකු පත්විය යුතුව තිබූ බවත් දේශපාලනිකව පවතින රජය බලයට ගෙන ඒම සඳහා කටයුතු කිරීම හේතුවෙන් අදාල තනතුර හිමිවුත් සභාපතිවරයාගේ අකාර්යක්ෂම පාලනය හේතුවෙන් මේ වනවිට සංස්ථාව බරපතල අර්බුදයකට පත්වෙමින් තිබෙන නිසාම සුදුසු පුද්ගලයෙකු වෙත අදාල සභාපති තනතුර බාරදී වහා එම තනතුරෙන් ඉවත්වන ලෙස වෛද්‍ය බෙල්ලන විසින් ලිපියක් මගින් සභාපතිවරයාට දන්වා ඇත.

janamaga-spc-prasanna-gunasena.jpg

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img