Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

අපි ජාතින් අතර වෛරය නිර්මාණය කරලයි මැතිවරණ දිනන්නේ – ඩලස්

janamaga-dullas-alahapperuma

ඉතිහාසයේ පැවති සෑම මැතිවරණයක්ම ජාතීන් අතර වෛරය ඇති කරමින් සහ ආගම් අතර වෛරය ඇති කරමින් ඡන්ද ලබා ගත් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.

මාතර දිස්ත්‍රික් රණවිරු ගෞරව ප්‍රණාම උලළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඊයේ (05) ඔහු මේ බව පැවසීය.

“අපේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය වෙන්න ඔින . අධ්‍යාපන ක්‍රමය ඇතුලේ සිංහල පාසල්, දමිල පාසල්, මුස්ලිමි පාසල්, තියෙනවා. බෙදුමිවාදය කියන්නේම මෙික නෙමෙයිද? අධ්‍යාපන ක්‍රමය ඇතුලෙයි බෙදුමිවාදය නිර්මාණය වෙන්නේ. ඒ වගේම සමාජ ක්‍රමයන් ඇතුලේ අපි එක රටක සහෝදර පුරවැසියන්, දමිල පුරවැසියන් කියන්නේ ඉතා විශිෂ්ඨ සංස්කෘතිත පෙල ගැස්මක් ඉතිහාසයක් තියෙන අපේ සහෝදර කණ්ඩායමක්, හැබැයි අපේ සමාජය, අපේ චිත්‍රපටි කලාව, අපේ මාධ්‍ය, අපේ දේශපාලනය, දේශපාලන වෙිදිකාව, මැතිවරණ, ජාතිවාදය අපේ ඔලුවට එකතු කරලා තියෙනවා. ඉතිහාසයේ තිබුන හැම මැතිවරණයක්ම ජාතින් අතර වෛරය ඇති කරලා ආගමි අතර වෛරය ඇති කරලා එකිනෙකා කොටවලා ජන්ද ටික කොහොමද දාගන්නේ කියලයි බැලුවෙි.

සාහිත්‍ය කලාවත් නිර්මාණය වුනේ එහෙමයි. අපි පුංචි කාලේ චිත්‍රපටි බලන්න යනවා. 70 දශකයේ වගේ බොහොමයක් චිත්‍රපටි දකුණු ඉන්දියානු ආභාෂයගත් චිත්‍රපටි. අපි කිවුවා කොපි කරලයි හදන්නේ කියලා, සිංදු පවා එහෙමයි . චිත්‍රපටි තිරනාටකය , ගීත , නැටුමි , මෙි සියල්ලම එහෙමයි . චිත්‍රපටි 10 ක් ආවොත් 8 ක්ම තියෙන්නේ අර දකුණු ඉංදියානු ප්‍රේම කතාවක් . මොකක්ද ප්‍රේම කතාව, සල්ලි තියෙන කොල්ලෙක් ඉන්නවා, ඒ කොල්ලා දුප්පත්ම කොලෙක්ට ආදරය කරනවා , මෙික තමයි ප්‍රේමකතා වස්තුව .නැත්නමි  සල්ලි තියෙන රූමත් කෙල්ලක්ගේ චරිතයක් තියෙනවා , ඇයට ප්‍රේමවන්තයෙක් ඉන්නවා දුප්පත් , මෙි කතාව තමයි යන්නේ . එකේ සිංදු කියනවා ගස්වටෙි නටනවා , දුෂ්ඨයෙක් ඉන්නවා , මෙි ඔක්කොම තිබුනා . මං අහන්නේ ඒක නෙමෙයි මෙි සල්ලි තියෙන කොල්ලගේ හරි සල්ලි තියෙන කෙල්ලගේ හරි ගෙදර වැඩට කෙනෙක් ඉන්නවා . ඒ තමයි එක්කෝ වෙිලු , එක්කෝ නාදන් , එක්කෝ බාලා , එක්කෝ රමෙිෂ් , මෙි හැම චිත්‍රපටියක්ම ගත්තම ගෙදර වැඩකරන චරිතයට හිටියේ දමිල නමකින් . චිත්‍රපටිය බලලා එලියට එනකොට අපිට මොකද හිතෙන්නේ දමිල මනුස්සයා ඉන්නේ අපේ ගෙදර වැඩ කරන්න කියලා , ඒක තමයි අපේ පපුවට එන පණිවිඩය . ” යැයි පැවසිය .

මෙි සිතුවිල්ල අපිට ගෙනාවෙි කවුද?. අපේ කලාව, සාහිත්‍ය , දේශපාලනය මෙි සියල්ල එකට එකතු කරගෙන. ඒ නිසා තමයි අර යුද්ධ කාලේ කවුරුහරි දමිල නමක් තියෙන කෙනෙක් අපිට මුන ගැහුනම අපේ ඇහේ කලු ඉංගිරියාව ඇතුලට කොටියෙක්ගේ රූපයක් ආවෙි  එහෙමයි, ඒ පුර්ව සැකය තියාගෙන හිටියේ. මෙික ඉතාම වාසනාවන්ත රටක් මම කියපු විනාශයන් එක දිගට ආවහම මෙි රට ඉතුරු වෙන්න විදියක් නැහැ. රට වාසනාවන්තයි , නිර්මල බුදු දහම ආරක්ෂා වෙචිච රටක් , ඒ නිසා අපි අනෙක් සහෝදර පුරවසියන් එක්ක ඒක කොහොමද බෙදා හදාගන්නේ. ඒ උඩ තමයි අපේ අනාගතය තිරනය කෙරෙන ඇත්තේ.

ඒ නිසා අපි සියලු දෙනාම තාක්ෂණයෙන් සන්නද්ධ ලෝකයේ එන්න එන්න දේශපාලන වෙිදිකාවල ජාතිවාදය වපුරලා ආගමිවාදය මතුකරලා ජන්ද ගොඩ වැඩිකර ගැනිමෙි ඒ ඓතිහාසික කැත පුරුද්ද මං හිතන්නෙ නැහැ අනාගතේ කරන්න පුලුවන් වෙයි කියලා .  2030 වෙනකොට මං හිතන්නෙ නැහැ ජන්ද පොළට ගිහින් ජන්ද දාන්න කටිටියක් ඉතුරු වෙයි කියලා. ගෙදර ඉදන් ඔන්ලයින් විදියට ජන්දය පාවිචිචි කරන ක්‍රමයක් එයි. දැනටත් ඇමරිකා එක්සත් ජනපදයේ ජන්දය පාවිචිචි කරන්නෙ බහුතරයක් එහෙමයි . ඒ නිසා මෙි බෙිද වපුරපු බොහෝ සාධක පිටියෙන් ඉවත් වෙලා සමතල පිටියක් රටෙි ඉස්සරහට නිර්මාණය වෙිවි”

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img