රාජ්‍ය බැංකු පද්ධතිය හූරා කෑමෙන් නොනැවති ආන්ඩු විසින් සේවක අර්ථ සාදයක සහ සේවා නියුක්තියකයන්ගේ භාරකාර අරමුදලටද අද තබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කරයි.
ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් වෙතින් 25% ක බද්දක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් තමන්ට අවශ්‍ය ආකාරයට පොලී අනුපාත හැසිරවීමට EPF සහ ETF අරමුදල මහබැංකුව විසින් ඉතාම පහළ මට්ටමින් යොදාගත් බවත් සඳහන් කරන මන්ත්‍රිවරයා සඳහන් කරනුයේ EPF සහ ETF සඳහා දායක වන ලක්ෂ සංඛයාත පිරිස් වලට මේ තුලින් බලවත් අසාධාරණයක් සිදුවන බවයි.
සේවක අර්ථ සාදකය සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් භාවිතා කර අඩු පොලී පවත්වාගෙන යාමට මහ බැංකුව ක්‍රියාත්මක කර ඇති පසුබිමක ඒ මත්තෙම බදු ප්‍රමාණයක් ඇතුලත් කර එම අරමුදලට දායක වන්නන් බලවත් අසාධාරණයට ලක් කරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි