Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

වැඩි පොලී දෙන බව පවසා මූල්‍ය සමාගමක් කෝටි 450ක් වංචා කරලා

janamaga-financial-fraud.jpg

වැඩි පොලී අනුපාත ලබා දෙන බව පවසමින් ජනතාව නොමග යවමින් රුපියල් කෝටි 450ක මුදලක් වංචා කර ඇතැයි කියන මූළ්‍ය සමාගමක් පිලිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ විමර්ෂයක් ආරම්භ කර තිබේ.

බත්තරමුල් සහ තවත් ප්‍රදේශ කිහිපයක ශාඛා පවත්වාගෙන යමින් 65 ෴ සහ 70 ෴ ඉතා අධික පොලී අනුපාල ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගේ මුදල් තැන්පතු ලබා ගෙන එම මුදල වංචා කර ඇතැයි කියන පැමිණිල්ලක් මත මහ බැංකුව විසින් අදාල විමර්ශන කටයුතු ආරම්භ කර තිබේන බව සඳහන්.

අදාල මූළ්‍ය සමාගම මහ බැංකුවේ ලියාපදිංචියක් ලබා ගෙන නැතැයිද සමාගම් මැදුරේ සමාගමක් ලෙස ලියාපදිංචියක් ගෙන අදාල වංචාව සිදුකර ඇතැයි මහ බැංකුව විසින් කල මූළික විමර්ශණයේදී අනාවරණය වී තිබේ.

එමෙන්ම මෙම සමාගමේ මුදල් තැන්පත් කල පිරිසෙන් බොහෝ දෙනෙකු යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් බවත් විශ්‍රාම ගිය පසු ලැබෙන විශ්‍රාම පාරිතෝෂික, අර්ථසාධක ආදියෙහි මුදල් මෙම ආයතනයේ තැන්පත් කර ඇතැයිද තැන්පත් කල මුදල් නොලැබීම නිසා ඇතැම් තැන්පත්කරුවන් කම්පනය හේතුවෙන් මේ වන විය අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ ප්‍රථිකාර ලබමින් සිටින බවද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img