ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය හරහා මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදරයට පත් ඉන්දීය සිනමා නළුවෙකු වන ගගන් මලික් පැවිදි දිවියට ඇතුලත් ව තිබේ.
ඊයේ (10) දින ඔහු තායිලන්තයේ බැංකොක් හී පිහිටි Royal Monastery නමින් හැඳින්වෙන විහාරස්ථානයකදී හිස මුඩු කර කසාවත් පැලඳ චාරිත්‍රාණුකූලව පැවිදි දිවියට එලඹ තිබෙනවා.
ගගන් මලික් සිය මුහුණු පොතේ සටහනක් යොදමින් සඳහන් කරනුයේ තමන් දින 15ක් තාවකාලිකව පැවිදි දිවියට ඇතුලත් වනු බවයි.
එමෙන්ම ධර්මය ඉගෙන ගැනීමට, අනිත්‍ය තේරුම්ගැනීමට මෙන්ම දැනුම ලබාදීමට කාලය බවත් ඉන්දියාව තුළ ධර්මය පැතිරවිය යුතු කාලය මේ වනවිට එලැඹ ඇති බවත් ඔහු සඳහන් කර සිටියි.
ගගන් මලික් උපතින් මුස්ලිම් ආගමිකයෙකු වන අතර ඔහු පසුව බෞද්ධාගම වැළඳ ගනු ලැබුවා.