පුත්ලම කල්පිටිය ප්‍රදේශයේ කුරක්කන්හේන ගම්මානයේ නිවසක සිදුවූ ගෑස් කාන්දුවකින් එම නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අද (27) අළුයම සිදුවූ මෙම ගිනි ගැනීමෙන් නිවසේ හිමිකාරිය සහ ඇගේ සහෝදරයා පිලිස්සුම් තුවාල ලබා ඇතැයිද සඳහන්.
මෙම නිවසේ හිමිකාරියගේ සියණිය විසින් ඇගේ කුඩා දැරියට කිරි සෑදීම සඳහා ගෑස් උඳුන දල්වා සුළු මොහොතකින් ගෑස් සිලින්ඩරය කාන්දු වී උඳුන පුපුරගොස් ගිනි ගැනීමට ලක්වූ බව නිවැසියන් විසින් පොලීසියට පවසා ඇත.
මෙම සිද්ධිය වන අවස්ථාවේදී නිවසේ හිමිකාරිය ඇතුළු හත් දෙනෙකු රැඳි සිට ඇතැයිද සඳහන්.