ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට සිට (21) දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එහි අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන අන්දමට මෙම වැඩවර්ජනය සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ වෛද්‍ය නිළදාරී සංගමයේ අදහස් මත පිහිටා කටයුතු නොකිරීමත්, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසාවෙන් මෙන්ම පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීමේදී ඇතිව ඇතැයි කියන විශමතාවයෙන් බව ද වාර්තා වෙයි.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන යන ඇමතිවරුන් අතර පවතින සීතල යුද්ධය හමුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇමති ධූරයෙන් ඉවත් කිරීමට චන්න ජයසුමන විසින් ගෙනියන ක්‍රියාකලාපයන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පූර්ණ සහයෝගය ලබා දී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන් සහ මහාචාර්ය චන්න ජයසුමන එක්ව කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ගෙනියන දිය යට ගින්දර සටනේ ප්‍රථිපලක් මත හෙට දිනයේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්තව වැඩවර්ජනයක් දියත් කිරීමට කටයුතු කල බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමේ වෛද්‍ය නිලධාරියෙකු ජනමගට පැවසීය.
කෙසේ වෙතත් පසුගිය ආණ්ඩු සමයේදීද වෛද්‍ය පාදෙණියගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝගීන් මරණයට ඇද දමමින් කිසිදු තැකීමක් නොකර වැඩ වර්ජන දියත් කල අතර මේ හේතුවෙන් දෛනිකව රෝගීන් විශාල ප්‍රමාණයක් දැඩි අපහසුතාවකට පත් වුණු අතර. වැඩ වර්ජනය කාල සීමාව තුල පාදෙණිය ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ඇතැම් වෛද්‍යවරුන් තම පෞද්ගලික චැනලින් සේවාව හරහා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සිදුකල අතර මේ හේතුවෙන් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගෙන් පාදෙණිය ප්‍රමුඛ වෛද්‍ය සංගමයට දැඩි ලෙස දෝශා රෝපණය කරනු දක්න ලැබුණි.
කෙසේ වෙතත් පාදෙණියගේ ආණ්ඩු පැවතියද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුරට බලාපොරොත්තු තබා සිටි වෛද්‍ය පාදෙණියට එම තනතුර නොලැබීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙන්ම එහි ලේකම්වරයාටද එරෙහිව විවිද ප්‍රහාර එල්ල කරනු පසුගිය දිනවල දක්නට ලැබුණි.