Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඒකාධිපති පාදෙණියගෙන් ඒකාධිපති ක්‍රියාවක් – තමන්ට විරුද්ධ වූ වෛද්‍ය ජයරුවන්, චමල් ඇතුලු වෛද්‍යවරු රැසක් සංගමයෙන් නෙරපයි

janamaga-gmoa-chamal-sanjeewa

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්ථමානයේ දූෂිතම නිලධාරී මණ්ඩලය වන ඒකාධිපති පාදෙණිය සහ ඔහුට හිතෛෂි නිලධාරී මණ්ඩලය විසින් පාදෙණිය පාර්ශවයට විරුද්ධව ප්‍රසිද්ධියේ අදහස් පලකලේ යැයි කියමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, වෛද්‍ය චමල් සංජීව, වෛද්‍ය දිලංක තිලකරන්ත, වෛද්‍ය තරින්ද වීරසිංහ ඇතුළු වෛද්‍යවරුන් 11 දෙනෙකුට අධික පිරිපසක් වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමයෙන් නෙරපා ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම මෙම ඉවත් කිරීමත් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය දරමින් සිටි රෝහල් පද්ධතිය තුළ සිටින වෛද්‍ය අධිකාරිවරුන්, අධ්‍යක්ෂවරුන් මෙන්ම විෂේශඥ වෛද්‍යවරුන්ද ඇතුලත්ව සිටින බවද සඳහන් වෙයි.

කෙසේ නමුත් මේ පිලිබඳව තවමත් නිල වශයෙන් අදාල වෛද්‍යවරු වෙත දන්වා නොමැති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම පසුගිය කාලයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව අභියෝගයට ලක් කරමින් මොරටුව දිසා අධිකරණයේ නඩුවක් ද විභාග වූ අතර එම නඩුව වගින් විධායක මණ්ඩලයේ බලය බල රහිත කර ඇති පසුබිමක් තුලදීම පාදෙණිය ඇතුළු ඔහුට හිතෛෂි නිළධාරී මණ්ඩලය විසින් ඔවුන්ට විරුද්ධ සියළු වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිළධාරී සංගමයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම විමතියට කරුණක් බව වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම පාදෙණියට විරුද්ධ සාමාජික වෛද්‍යවරුන් ඉවත් කරමින් ඒකාධිපති පාලනයක් කරා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ගෙනියන මේ ක්‍රියාවලිය දැඩි පිලිකුළෙන් යුතුව හෙළා දකින බවද ආදාල වෛද්‍යවරුන් සඳහන් කරයි.

වෛද්‍ය පාදෙණිය විසින් තමන්ට පක්ෂ නිළධාරී මණ්ඩලය සමග එක් වී වරින් වර මෙරට සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ විවිධ අර්බුද නිර්මාණය කෙරූ අතර ඔහු විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ඉවත් කිරීම සඳහා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පදවිය ලබා ගැනීමට සහ තම පෞද්ගලික වාසි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ජනතාව බිල්ලට දෙමින් වැඩ වර්ජන දියත් කිරීමටද නායකත්වය දුන් අයෙක් වන අතර ඔහුගේ මෙම දූෂිත ක්‍රියාවන් සඳහා හෘද සාක්ෂියක් ඇති එම සංගමයේ සාමාජිකත්වට දරමින් සිටින වෛද්‍යවරුන් රැසක් මෙම ක්‍රියාවන්ට විරුද්ධය හඬ නැගූ අතර මෙසේ හඬ නැගූ සියලු වෛද්‍යවරුන් අදාල සංගමයෙන් ඉවත් කිරීමට පාදෙණිය මේ වන විට කටයුතු කර ඇත.

එමෙන්ම මෙම ඉවත් කිරීමත් සමග රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ස්වාධින මත දරන බොහොමයක් වෛද්‍යවරු දැඩි කල කිරීමට පත්ව ඇතැයිද ඔවුන් ඉදිරියේදි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාජිකත්වයෙන් ස්ව කැමැත්තෙන්ම ඉල්ලා අස්වීම් ලබා දීමටද සූදානම් බව එම සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

එමෙන්ම මේ පිලිබඳව විමසීම සඳහා එම සංගමයේ සාමාජිකත්වය දරමින් සිටි වෛද්‍ය චමල් සංජීව සම්බන්ද කර ගැනීමේදි ඔහු සඳහන් කලේද මේ දක්වා තමන්ට එම ඉවත් කිරීම පිලිබඳ නිල වශයෙන් දන්වා නොමැති බවත් අදාල ඉවත් කිරීම පිලිබඳව තමන් කිසිදු තැකීමක් නොකරන බවයි.

එමෙන්ම මෙම ඉවත් කෙරුණු වෛද්‍යවරුන් මෙන්ම දැනට රජයෙ වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාජිකත්වය දරමින් සිටින පාදෙණියගේ ක්‍රියාකාලාපයන් පිලිබඳ විරුද්ධත්වය පල කරන්නාවූ වෛද්‍යවරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, රෝහල් පරිපාලන අධ්‍යක්ෂකවරුන් ඇතුලු සෞඛ්‍ය සේවයේ නිරත වෛද්‍යවරුන් මෙන්ම වෘත්තිකයන් රැසකගෙන් සමන්විත නව සන්ධානයක් ඉදිරියේදි බිහි කිරීමට කටයුතු සූදානම් කරන බවත් එම කටයුතු මේ වන විටද ආරම්භ කරමින් සිටින බවත් වෛද්‍ය චමල් සංජීව පැවසීය.

එමෙන්ම මෙම නව සන්ධානයේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ මෙරට සෞඛ්‍ය සේවාව ගුණාත්මක සහ කාර්යක්ෂම බව ආරක්ෂා කරගනිමින් ජනතාවට හිතකර සෞඛ්‍ය සේවාවක් ලබා දීමට කැපවන සංවිධානයක් වීම නිසාවෙන් ජනතාව පීඩා කරමින් කටයුුතු කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්ථමාන  නිලධාරී මන්ඩලය විසින් තමන්ව ඉවත් කිරීම සම්බන්ධව කිසිදු තැකීමක් නොකරන බවත් ඉදිරියේදී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාජිකයන්ද නව සන්ධානය වෙත එකතු වීමට මේ වනවිටත් ඉල්ලීම් කර ඇතැයි ද වෛද්‍යවරයා මෙහිදි අදහස් දක්වමින් පැවසීය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img