Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

රෝගීන් පාදෙණියගේ දෙමව්පියන් සිහිකරයි ! පත්වීම් ලේඛනයේ අත්සන් තැබීමට GMOAට බලයක් නැතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂ කියයි

janamaga-gmoa

පවතින කෝවිඩ් තත්වය සමග එම වෛරසය ගැන කිසිදු තැකීමකින් තොරව රෝගීන් අනතුරට පත් කරමින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අද (21) දින සිට ආරම්භ කෙරුණු දීප ව්‍යාප්ත වැඩවර්ජනය මේ වන විට දිවයින පුරා රෝහල් රැසක ක්‍රියාත්මක වෙමින් පවති.

ඉල්ලීම කිහිපයක් මුල් කරගනිමින් යැයි කියමින් ක්‍රියාත්මක කරන මෙම වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් රැසක් පීඩාවට පත්ව ඇතැයිද ඇතැම් රෝගීන් වෛද්‍ය පාදෙණිගේ දෙමව්පියන්ට පිං පිණිස පින් අනුමෝදනා කර ඇතැයිද සඳහන්.

පාදෙණිගේ GMOA ඉල්ලන ලද ඉල්ලීම් අතර පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීමේදි ඇතිවන ස්ථාන මාරු සම්බන්දව යැයි කියමින් එම සංගමය මින් පෙර එක් දිනක වැඩ වර්ජනයක් දියත් කල අතර එහි දිගුවක් ලෙස අද දින සිට දීප ව්‍යාප්තව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බවත් සඳහන්.

කෙසේ නමුත් පාදෙණියගේ GMOA ඉල්ලීම් කෙසේ වෙතත් ඊයේ (20) දින අප වාර්තා කරමින් පැවසු පරිදි කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා පාදෙණියගේ සංගමයේ මිලේච්ඡ ක්‍රියාවන් හෝ පාදෙණිගේ සංගමය විසින් එම සංගමයට හිතැති අදහස් හෝ යෝජනා ප්‍රතික්ෂේප කිරීම තුල එම සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා සමග නොහඳ නොක්කාඩු ඇතිව තිබෙන බවත් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහ අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අතර පවතිව ගැටුම් හමුවේ අවස්ථාවක් කරගනිමින් කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාථ්‍යධූරයෙන් ඉවත් කිරීමත් මූලික කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි.

මේ පිලිබඳව යම් සනාථ කිරීමක්ද අද (21) පැවති මාධ්‍ය හමුවේදී ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනාරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරීය සඳහන් කරනුයේ පාදෙණියගේ රජයෙ වෛද්‍ය නිලධාරී සංගමයට පත්වීම් ලේඛනයට අත්සන් තැබීමට කිසිදු බලයක් නොමැති බවත් ඒ පිලිබඳ බලය ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බවයි.

කෙසේ නමුත් මේ සම්බන්දව අදහස් පලකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනාරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරීය සඳහන් කරනුයේ සීමාවාසික පත්වීම් ලබා දීමේදී මේ වන විට වෛද්‍යවරු නොමැතිව රෝහල හෝ සෞඛ්‍ය විද්‍යායතන වැසී තිබේද,විශේෂඥ වෛද්‍යවරයෙකු අනියුක්ත කර ඇති තත්ත්වයක එම විශේෂඥ වෛද්‍යවරයාට එම කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් වෛද්‍යවරු නොමැති නම් එම ස්ථානවලට නව පත්වීම් යොමුකිරිම,සහ මේ වන විට දුර බැහැර ප්‍රදේශවල සේවය කර ස්ථාන මාරු වීම් ලබා තිබුණද අනුප්‍රාප්තිකයෙකු නොමැතිවීමෙන් ස්ථාන මාරු වීමට නොහැකි වීම යන කරුණු ප්‍රධාන වශයෙන් සලකා බැලෙන බවයි.

ඒ අනුව පුරප්පාඩු ලේඛනය ප්‍රමුඛතා අනුපිලිවෙලට සකස් කරන බවත් එහිදී නව පත්වීම් ලාභීන්ට අන්තර්ජාලය හරහා අයදුම්කිරීමට අවස්ථාව ලබාදෙන බවත් ඒ අනුව එම නව පත්වීම් ලැබෙන බව ඔහු සඳහන් කරන ලදී.

මෙම තත්ත්වය මත කිසිවෙකුත් ඊට විරෝධය පළකිරීමක් හෝ සිදුව නොමැති බවද විජේසූරිය සඳහන් කරයි.

ඒ අනුව පත්වීම් ලබා දී තිබෙන 500 දෙනාගේ විරුද්ධත්වයක් ලැබී නැති අතර යම් කිසි හෝ විරෝධයක් ඇත්නම් එය සෞඛ්‍ය ලේකම්වරයාට,රජය සේවා කොමිෂන් සභාවට හෝ අධිකරණය හෝ යා හැකි හෙයින් වැඩ වර්ජනයකට යාම අනුමත කළ නොහැකි බවත් ඒ ගැන කණගාටු වෙන බවත් ඔහු ප්‍රකාශ කරයි

විසඳුම් සෙවීමට ක්‍රමවේද තියෙනකොට මෙහෙම අනවශ්‍ය වැඩ වර්ජන වලට යාම පිළිගත නොහැකි බවත් නව පත්වීම් ලේඛන වලට අත්සන් තැබීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නිල බලයක් නැති බවත් විජේසූරිය අවධාරණය කළේය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img