ලෝක වෙළඳපලේ රන් අවුන්සයක මිල ඩොලර් 20කින් පමණ පහළ බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක වෙළඳපලේ මීට සතියකට පමණ පෙර ඩොලර් 1818කට පැවති රත්රන් අවුන්සයක් මේ වන විට ඩොලර් දක්වා පහත වැටී ඇත. එමෙන්ම මෙය මාස දෙකකට ආසන්න කාලයකදි වාර්තා වූ අඩුම මිල බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණි.
එමෙන්ම හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා වෙළඳපලේ කැරට් 22 රන් පවුමක් රුපියල් 112,500කට සහ කැරට් 24 රත්රන් පවුමක් රුපියල් 121,500ක් දක්වා ඉහළ ගොස් තිබු අතර එම මිල ගණන් ඉදිරියේදී තරමක් අඩුවනු ඇතැයිද සඳහන්.