Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

මහ බැංකු අධිපති කබ්රාල් වන්දිභට්ටයා හැසිරෙන්නේ පොහොට්ටුවේ සභාපති වගේ

janamaga-harsha-de-silva

රටක මහ බැංකුව ස්වාධීන විය යුතු නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කටයුතු කරනුයේ දේශපාලකයෙකු මෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශ ද සිල්වා චෝදනා කරයි.

කබ්රාල්ගේ මෙම හැසීම තුලින් ඔහු ජනතාව රැවටීමට ගන්නා පහත් උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද ඔහු සඳහන් කරයි

අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි මේ පිලිබඳ අදහස් දක්වමින් කරුණු පැහැදිලි කර මන්ත්‍රීවරයා සඳහන් කරනුයේ ඩොලර් ප්‍රශ්ණයක් නැතැයි කියමින් කබ්රාල් කබ්රාල් ජනතාව රවටමින් සිටින බවයි.

“නිවාඩ් කබ්රාල් අධිපතිවරයාගෙන් අපි අහනවා, මොනවද මේ කතා කරන්නේ? මේ පත්තරේ එක තැනක තියනවා අපිට ඩොලර් හිඟයක් නෑ කියල.  අනිත් තැන තියනවා, බෙහෙත් ගේන්න ඩොලර් නෑ කියල. කාවද මේ අන්දන්න හදන්නේ? මේ ඇන්දිල්ලේ සීමාවක් තියනවා. තමන්ගේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය අන්දල, ප්‍රධාන විධායක නිළධාරියා විදිහට ඒ ආයතනය බංකොලොත් කරාට අපිට ප්‍රශ්නයක් නෑ. නමුත්, මේ අන්දන්න හදන්නේ මහජනතාව. මහජනතාව අන්දල බංකොලොත් කරන්න යන්නේ මේ රට. ඒකට ඉඩ දෙන්න බෑ.

අපි නැවතත්  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කියනවා, මේ එක එක වන්දි භට්ටයෝ කියන ඒවා අහන්න එපා, ස්වාධීන ආර්ථික විශේෂඥයින්ගෙන් අහලා මේ ප්‍රශ්න විසඳන්න කියලා.*

පෙබරවාරි 09 වනදාට සහ පෙබරවාරි 17 වනදාට ශ්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් මිලියන 250 ක පමණ ණය ගෙවීමට තිබෙන බවත් 2022 ජනවාරි මාසය අවසන් වනවිට මහ බැංකුව සතුව සැබෑ ලෙස තිබෙන්නේ ඩොලර් මිලියන 700 ක පමණ විදේශ සංචිතයක් පමණක් බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img