Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

hemasiri-fernando

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එල්ල කර ඇති චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (18) නියම කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුදධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා ඔහුට එරෙහිව ගොණු කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු විසින් විත්ති වාචකය කැඳවීමකින් තොරව විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කලහ.

නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කිරීමට පෙර දෙවරක් සිතා බැලිය යුතුව තිබූ බවද මෙහිදි විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් නියෝගය ප්‍රකාශට පත් කරමින් සඳහන් පැවසීය.

සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා සිය වගකීම ඉටුකිරීම පැහැර හැර එහි වගකීම ජාතික බුද්ධි ප්‍රධානියා මත පැටවීමට ක්‍රියා කර ඇතැයි විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සඳහන් කලේය.

ඔහු අත්අඩංගුවට ගැනීම උපදෙස් දීම පවා ගැටළු සහගත වන බවද විනිසුරු පටබැඳිගේ විසින් සිය අදහස් දැක්වීමේදි ප්‍රකාශ කර ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img