කොළඹ පාරිභෝගීක මිල දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මස උද්ධමනය හෙවත් භාණ්ඩ මිල ඉහල යෑහ 21%ක් බවට පත්ව ඇතැයි ද එය 2021 වසරේ ඉහළතම උද්ධමන වාර්තා වීමක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස 2.64෴ක් ලෙසත් ආහාර සහ ආහාර නොවන අයිතමවල වෙනස පිළිවෙළින් 1.8෴ක් සහ 0.84෴ක් බවද මහ බැංකුව සඳහන් කරයි.
උද්ධමනය තව දුරටත් ඉහළ යෑමට දෙසැම්බර් මස ආහාර සහ ආහාර නොවන අයිතනමල මිල ඉහළ යාම බලපා ඇති බවත් ආහාර කාණ්ඩයේ උද්ධමනය දෙසැම්බර් මස 22.1෴ ක් දක්වාද ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 7.5෴ක් දක්වාද ඉහළ ගොස් ඇතැයිද මහ බැංකුව විසින් සිය නිවේදනයේ දක්වා ඇත.
දෙසැම්බර් මස ආහාර නොවන කාණ්ඩයට අයත් පෙට්‍රල්, ඩීසල්, කුලී රථ ගාස්තු මත්පැන් සහ දුම්වැටි යන භාණ්ඩවල මිල ඉහළ යෑම උද්ධමනය තව දුරටත් ඉහළ යෑහට ප්‍රධාව වශයෙන් බලපෑම් එල්ල කර ඇතැයිද මේ සම්බන්දව සවිස්තර පැහැදිලි කිරීමක් ඉක්මනින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද මහ බැංකුව සඳහන් කරයි.