පසුගිය ඉරිදා දිනයේදී ඔහු පෙන්නුම් කළ සංකූලතාවන් හේතුවෙන් සිදුකළ පරීක්ෂාවේදී දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැමපෝසා හටද COVID-19 ආසාදනය වී ඇතැයි ජනාධිපති කාර්යාලය ඊයේ (13) නිවේදනය කළේය.
කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපතිවරයා හුදකෙලාව ප්‍රථිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට දකුණු අප්‍රිකාවේ හමුදාවේ සෞඛ්‍ය සේවාව විසින් සිදුකරනු ඇති බවත් සඳහන්.
69 හැවිරිදි රැමපෝසා අදාල ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම නිසි පරිදි ලබා ගත් අයෙකු බවත් ජනාධිපති කාර්යාලය සිය නිවේදනයේ සඳහන් කර තිබුණි.
මේ වන විට ජනාධිපතිවරයාගේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා උප ජනාධිපතිවරයා වන ඩේවිඩ් මාබුසා වෙත පැවරීමටද ජනාධිපති රැමපෝසා කටයුතු යොදා ඇතැයි ද සඳහන්.