කොරෝණා වෛරසයට බියවූ පුද්ගලයෙකු තම සැමියා සහ තමා මෙන්ම කඩා දරුවන් දෙදෙනා වසරකට අධික කාලයක් නිවාස අඩස්සියේ තබා සිරකරගෙන සිටි බව පවසමින් 31 හැවිරිදි කාන්තාවක් විසින් පසුගිය 18 වැනි දින ගලේවෙල මකුළුගස්වැව පොලීසියට පැමිණිල්ලක් කර නිවෙසින් පිටව ගොස් ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය විසින් එම නිවසට ඊයේ (19) දින පැමිණ සිරකරගෙන සිටි දරුවන් දෙදෙනා මෙන්ම සැමියාද පොලීසියට රැගෙන විත් ඇතැයිද සඳහන්.
අදාල කාන්තාව විසින් පොලීසියට සඳහන් කර ඇති පරිදි තම සැමියා විසින් තමන් සහ දරුවන් දෙදෙනා කිසිදු ආකාරයකට තම පෞද්ගලික අවශ්‍යතාවයන්ට පවා වැසිකිලි යාමටවත් එලියට බැසීමට නොදී සිරකරගෙන සිටි බවයි.
එමෙන්ම මෙම පුද්ගලයාගේ මව සහ පියා ගෙනැවිත් දෙන ආහාර පවා දැඩි ලෙස පිරිසිදු කරමින් දරුවන්ට කෑමට සකසා දෙන බවත් කිසිදු ආකාරයෙන් නිවෙස ඇතුලත හෝ පිටත ඇති කිසිවක් අතපත නොගාන ලෙසද දරුවන්ට උපදෙස් ලබා දී ඇති අතර ඔහු මෙන්ම දරුවන්ද නිරන්තර සමන් වතුර යොදා පිරිසිසිදු වෙමින් සිටින බවත් ඔහුගේ දෙමව්පියන් විසින් පොලීසියට පවසා ඇත.
මොහු විසින් නිවසට රැගෙන එන සහල් මෙන්ම එම සහල් දමන උරද උණු වතුරෙන් පිරිසිදු කිරීමෙන් පසු නිවසට ගන්නා බවත් මෙම තත්ත්යට දිගින් දිගටම ඉවසීමට නොහැකී වු අදාල සැමියාගේ බිරිඳ විසින් පසුගිය 18 වැනි දින පොලීසියට පැමිණිලි කර ඇතියද වාර්තා වෙයි.
එමෙන්ම මෙම පුද්ගලයා ලංගම කොන්දොස්තරවරයෙකු සෙල රැකියාව කරන බවත් කොරෝණා හේතුවෙන් ඔහු රැකියාව පවා අත්හැර ඇතැයිද සඳහන්.
අදාල දරුවන් දෙනො සහ බිරිඳ සිරකරගෙන සිටි කාමරයට නිසි පරිදි හිරු එළිය පවා නොවැටීම හේතුවෙන් මෙන්ම ඇවිදීමට ඇති ඉඩ පහසුකම් නොමැති නිසාවෙන් දරුවන්ද දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් ඔවුන්ගේ ශරීර සෞඛ්‍යටද දැඩි ලෙස හානි වී ඇති බවත් සඳහන්.
කෙසේ වෙතත් පොලිස් බාරයට ගැණුන මෙම දරුවන් දෙදෙනා සහ පියා වෛද්‍යවරයෙකු ලෙස ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කරයි.