හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු විසින් පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙස පත් කෙරුණු කීර්ති ශ්‍රී වීරසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පොල් සංවර්ධන මණ්ඩලයේ මෝටර් රථයක් පැමිණ තිබු අතරම එහි සේවයේ නියුතු රියදුරෙකුද රාගම සිසුන් විසින් සිය බාරයට ගැනීමෙන් පසු පොලිසියට බාර දුනි.
සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් අරුන්දික ප්‍රනාන්දුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය ඇමති ධූරයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබූ අතර ඔහු සිය ඉල්ලා අස්වීම ලබාදුන් අතරම ඔහුගේ පුත්‍රයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කෙරුණි.
එමෙන්ම පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කීර්ති ශ්‍රි වීරසිංහ අරුන්දි ප්‍රනාන්දුගේ පුත්‍රයාගේ ක්‍රියාකාලාපය නිවැරදි කරමින් මාධ්‍ය හමුවක්ද පසුගියදා පවත්වන්නට යෙදුණි.