කොටදෙණියාව වරාගල ප්‍රදේශයේ කුකුලු ගොවිපලක හටගත් ගින්නකින් කුකුළන් 8,200ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වෙයි.
එම ගොවිපොලේ බිත්තර රකිමින් සිටි කිකිළියන් සහ කුකුළන් සිටි බවත් එම ගින්නෙන් අදාල කුකුළන් සහ කිකිළියන් පිලිස්සී මියගොස් ඇතැයි ද සඳහන්.
කෙසේ නමුත් ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බවද වාර්තා වෙයි.