නාගරික සංවර්ධ අධිකාරිය විසින් දේශිය ආයෝජකයින් දිරි ගැන්වීමටත් විදේශිය ආයෝජකයින් වෙත අවස්ථාව ලබා දීමත් අරමුණු කර ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් තරඟකාරී පදනම මත රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා ආයෝජන ව්‍යාපෘතිවලට යොදා ගැනීම වෙනුවෙන් ආරම්භක පලමු වසරේ සිට වසර 10ක කාලයක් තුළ ගබඩා පසුකම් සැපයීමෙන් පමණක් ඇරිකානු ඩොලර් මිලියන 50ක් ඉක්මවූ විදේශ විනිමය ඉපැයීමක් සහතික කෙරෙන නව ආයෝජන ව්‍යාපෘතියක් ජා ඇල – ඒකල ඇරඹීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම්කර ඇති බවට එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
මේ අනුව ඇක්සස් ඉංජිනියරින් පෞද්ගලික සමාගම අයත් ඇක්සස් ලංකා පාර්ක් (ඒකල) පෞද්ගලික සමාගම විසින් රුපියල් බිලියන 2.2ක ආයෝජනයකින් නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව නාගරික සංවර්ධන අධිකාරිය සතු ජා-ඇල ඒකල පිහිටි ඉඩමක මෙම Logistic Park ආයෝජන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත බවද සඳහන්.
මීට අදාල ගිවිසුම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර සහ ඇක්සස් ඉංජිනේරු සංගමේ කළමණාකාර අධ්‍යක්ෂ රෝහණ ප්‍රනාන්දු යන අයගේ ප්‍රධානත්වයේන් පසුගියදා අත්සන් කල අතර බදු ගිවිසුමට අදාල චෙක් පත මෙහිදි ඇක්සස් ඉංජිනේරු සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂවරයා විසින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට පිරිනමන ලදි.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ ලෙස ශ්‍රී ලංකාව සැපයුම් ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ථනය කිරීමේ අරමුණ බවත් ඒ යටතේ විශාල බහුජාතික ගනුදෙණුකරුවන් සඳහා කළාපීය බෙදාහැරීම් සහ ඒකාබධ කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කිරීම බවද සඳහන්.
එමෙන්ම යෝජිත ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ බහුජාතික නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සහ එම ව්‍යාපාර ගෝලීය පරිමාණයෙන් වේගවත්ව වර්ධනය කිරීමත් සිදුවන බවද සඳහන්.