Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

සිවුරට මුවා  වී මුසාවාදා දෙසු මැඩිල්ලේ පඤ්ඤාලෝක අධිකරණයේදි ඇමතිගෙන් සමාව ගනී

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රිට අපහාස කලේ යැයි සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝකට එරෙහිව බවතා තිබූ නඩු කොළඹ දිසා විනිසුරු අරුළු අළුත්ගේ ඉදිරියේ සමතයකට පත්වී ඇත.

ඒ මින් ඉදිරියට අලි සබ්රි වෙත අපහාස වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බවට මැඩිල්ලේ පඤ්ඤාලෝක විසින් විවෘත අධිකරණයේදී ප්‍රකාශක් කරමින් පොරොන්දු වීමත් සමගිනි.

මැඩිල්ලේ පඤ්ඤාලෝත නිදික් ෆේස්බුක් සමාජ ජාලා ඔස්සේ තමන්ට අපහාස සිදු කල බවත් එසේ අපහාස කිරීම වෙනුවෙන් මිලියන 1,500ක වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා අධිකරණයේ පසුගිය 27 වැනිදින නඩු පවරා තිබුණි.

මෙම නඩුව ඊයේ කැඳවු අවස්ථාවේදි දෙපාර්ශවය සමතයක් ඇති කර ගත් බවත් ඒ අනුව මෙම නඩුව අවසන් කරන බවත් දෙපාර්ශවයේ නීතීඥවරු අධිකරණයට දන්වා සිටියේය.

එහිදි වගඋත්තරකාර මැඩිල්ලේ පඤ්ඤාලෝක අධිකරණයට ඉදිරියට පැමිණ ඇමතිවරයාට අපකීරිති දායක ප්‍රකාශ නොකරන බවත් එසේ කලහෝත් නඩුවේ සහන ලබා ගැනීමට පැමිණිලිකාර අලී සබ්රිට අයිතිය ඇති බවත් පැවසීය.

මේ අනුව ඉදිරිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව දෙපාර්ශවයේ සමථයට අවසර දුන් විනිසුරුවරයා නඩු කටයුත්ත අවසන් කිරීමට තීරණය කරන ලදි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img