ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් වෛද්‍ය සිසුන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් විභාගයකට මුහුණදීමෙන් පසු ඔවුන් ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය මෙසේ අනතුරට පත් වී ඇති අතර නාගපුර් සහ තුල්ජපූර් අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇතැයිද එම මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුරින් මියගිය වෛද්‍ය සිසුන් අතර භාරතිය ජනතා පක්ෂයේ මහාරාෂ්ට්‍ර ව්‍යස්ථාදායක සභාවේ මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකුද සිටින බව ද වාර්තා වෙයි.