පසුගිය වසරේ දී ඉන්දියාවේ තිරුපති වන්දනාවට ගොස් සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ගමන සඳහා භාවිතා කල පෞද්ගලික ජෙට් යානය පිලිබඳව අල්ලස් හෝ දූශණ විමර්ශන කොමිසම් සභාව විසින් විමර්ශණයක් ආරම්භ කර තිබේ.
මාධ්‍යවේදී තරිඳු උඩුවේගෙදර විසින් 2021 දෙසැම්බර් 31 වන දින අල්ලස් කොමිසමට පැමිණිල්ලක් යොමු කරමින් මේ සඳහා විමර්ශණයක් ආරම්භ කරන ලෙස ඉල්ලීමක් කර තිබුණු අතර එම ඉල්ලීම අනුව පසුගිය පෙබරවාරි 02 වැනි දින තරිඳු උඩුවේගෙදර වෙත ලිපියක් යොමුකරමින් අල්ලස් කොමිසම දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් කොමිසම තීරණය කර ඇති බවය.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාපක්ෂ විසින් මින් පෙර සඳහන් කර සිටියේ මෙම වන්දනාව සඳමා අග්‍රාමාත්‍යවරයාගේ මිතුරෙකු විසින් එම යානය නොමිලේ ලබා දුන් බවයි.
මේ අනුව අග්‍රාමාත්‍යවරයා අල්ලස් පනතට පටහැනිව පෞද්ගලික ජෙට් යානයක් තෑගි ලෙස ලබා ගෙන අල්ලසක් ලබා ගත්තේද යන්න සොයා බැලීම සඳහා විමර්ශණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවද අල්ලස් කොමිසම තරිඳු උඩුවේගෙදර වෙත දැනුම්දී ඇත.