Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

මංගලගේ දේශපාලන සමුගැනීම මෙන්ම මරණයත් මම අතිශය දුක් වූ කරුණක්

mahinda-and-mangala

හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර කුමන දේශපාන කඳවුරු වල සිටියද ඔහු මිය යන තෙක් තමාගේ පෞද්ගලික මිතුරෙකු වූ බවත් දේශපාලනයේ අනිවාර්යයෙන්ම සිටිය යුතුම පුද්ගලයෙකු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

එමෙන්ම ඔහු දේශපාලනයෙන් ඉවත්වීම සහ ඔහුගේ මරණය තමන් අතිශයින්ම දුක්වූ කරුණක් බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අද (11) පාර්ලිමේන්තුවේදි හිටපු අමාත්‍ය මංගල සමරවීර වෙනුවෙන් පැවැත්වෙන ශෝකය ප්‍රකාශ කිරීමේ යෝජනාව වෙනුවෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ 2005 මැතිවරණයේදී තමා වෙත විවිධ අභියෝග රැසක් පැමිණි බවත් එම අභියෝග හමුවේ තමාව ජයග්‍රහණය කිරීම සඳහා මංගල සමරවීර කල කැප කිරීම තමන් විශේෂයෙන් සිහිපත් කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම ඔහු තම දේශපාලන ජීවිතය තම පෞද්ගලික ජීවිතයට ඈඳා නොගත් අයෙකු වන අතර ඔහු පාර්ලිමේන්තුවේ දරන දේශපාලන මතවාදය හේතුවෙන් පෞද්ගලික හිතවත්කම් අහිමි කරගන්නා පටු මිනිසෙක් නොවුනු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

එසේම මංගල සමරවීර යනු ඉතා තියුණු විවේචකයෙකු බවත් ඔහු සිය ප්‍රතිවාදියා තියුණු ලෙස අපහසුතාවට පත් කරන්නට ප්‍රචාරකයෙක් ලෙසද ප්‍රකට මිනිසෙකු බවද සඳහන් කරන අගමැතිවරයා පවසනුයේ ඔහු ඇමතිධූර දරන සෑම අවස්ථාවකම තම පාක්ෂිකයා සහ තම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සේවය කරන්නට අමතක නොකල මිනිසෙක් බවයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img