අමාථ්‍ය මණ්ඩල සංශෝදනයක් සිදුවන බව තමන් නොදන්නා බවත් එය ජනාධිපතිගේ තීරණයක් වන හෙයින් ඒ පිලිබඳව තමන්ට කළකිරීමක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.
ඊයේ (09) ගාල්ල අක්මීමන පැවැති වැඩසටහනකදි ඔහු මේ බව පැවසීය.
ආණ්ඩුවේ චේනතනාව හොඳ බවත් ආණ්ඩුව විසින් සිදුකල ව්‍යාපෘතිය හොඳ නමුත් එහි අඩුපාඩුකම් තිබෙන බව පැවසු අමාත්‍යවරයා සඳහන් කරනුයේ ඕනෑම ව්‍යාපෘතියක් සිදුකිරීමේදී එහි සාර්ථකවීම් සහ අසාර්ථක වීම් සිදුවිය හැකි බවයි.
එමෙන්ම ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ වස විසෙන් තොර ආහාර වේලක් මෙරට ජනතාවට ලබා දීමට බවත් එම නිසාවෙන් ඔහු අදාල හරිත කෘෂිකර්මාන්ත තීන්දුව ගනු ලැබූ බවත් ඔහු පැවසීය.
කෙසේ නමුත් එය අසාර්ථක වීම තුල ආණ්ඩුව නැවත රසායනික පොහොර ගෙන්වීමට තීරණය කල බවත් තමන් ද යහපත් චේතනාවෙන් කටයුතු කල නිසාවෙන් තමන්ගේ ඇමති ධූරය ඉවත්වන්නේ නම් තමන්ට ඒ පිලිබඳ කණගාටුවක් හෝ කළකිරීමක් නැතැයිද ඔහු පැවසීය.