මට්ටක්කුලිය පොලිස් වසමේ පොකුණු වත්ත ප්‍රදේශයේදී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට මට්ටක්කුලිය පොලීසියට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඝාතන වූ තැනැත්තා වයස අවුරුදු 22ක් වන පල්ලියපාර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු තවත් පිරිසක් සමග මත්පැන් සාදයක් බවත්වා ඇතැයිද එම සාදය අවසානයේදී ඇතිවූ සිදුවීමක් මුල්කරගෙන සිදුවු සිදුවීමකින් පුද්ගලයෙකු විසින් අදාල තැනැත්තාට සහ තවත් අයෙකුට ආයුධයකින් ඇණ තුවාල සිදු කර ඇත.
එහිදි බරපතල තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහල ඇතුලත් කිරීමේදි මියගොස් ඇත.
ඝාතනය සිදුකල සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.