Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

GMOA කෙතරම් දුර්වල වෘත්තීය සමිති ව්‍යාපාරයක් දැයි සාමාජිකයන් දැන්වත් අවබෝධ කරගත යුතුයි

janamaga-chamal-sanjeewa

සෞඛ්‍ය සේවාවේ වැටුප් සම්බන්ධයෙන් මේ වන විට ගැටුම් සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර මෙම තත්ත්වය විසඳා ගැනීම සඳහා වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාර හැර අනෙක් සියලු වෘත්තීය සමිති එක පෙරමුණක සටන් කරන අවස්ථාවේදී පොදු අරමුණක් වෙනුවෙන් සටන් කිරීමට වෛද්‍යවරුන්ගේ පවතින නොහැකියාව මේ වන විට අවබෝධ වී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.

ඉකුත් අවශේෂය සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා රජය කටයුතු කරන අවස්ථාවේදී අදාළ වැටුප් වැඩි වීම් වලට එරෙහිව කටයුතු කරනවා වෙනුවට වෛද්‍යවරුන්ගේ මේ වන විට නිර්මාණය වී පවතින වැටුප් අතිකාල, ශ්‍රේණි විෂමතා, උසස්වීම්,  වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරුන්ට බලපාන අවම මූලික කරුණු සම්බන්ධයෙන් පවා වෛද්‍ය වෘත්තී සමිති ව්‍යාපාරය ඉතා ඇල්මැරුණු සහ දියාරු ප්‍රතිපත්තියකින් කටයුතු කිරීම ඉතා කණගාටුවට කරුණක් බව ඔහු සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංගමය වැඩවර්ජනයක් කැඳවා ඇති අවස්ථාවේ දී එයට විරුද්ධව සාමාජිකයන් වෙතින් මතු වූ ප්‍රබල විරෝධය හමුවේ අවසානයේ දී දේශපාලකයන්ද සෞඛ්‍ය අංශද ලවා ලිපි කීපයක් නිකුත් කරවා ගැනීමෙන් සාමාජිකයන් සැනසීමට පත් කිරීමට කටයුතු කිරීම ඉතා කණගාටුදායක බවත් මෙම ප්‍රශ්නය සක්‍රීය ලෙස විසඳීම සඳහා දැනට ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරයන්ට සැබෑ උවමනාවක් නොමැති බව එහි සාමාජිකයන් දැන්වත් අවබෝධ කරගත යුතු යැයිද වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි.

ප්‍රාදේශීය වශයෙන් සේවය කරන වෛද්‍යවරුන්ගේ සිට විශේෂඥ වෛද්‍යවරුන් දක්වා පවතින සුභසාධක පහසුකම් ද වැටුප් අතිකාල ශ්‍රේණි සහ උසස්වීම් සම්බන්ධව පවතින විෂමතාවයන් සම්බන්ධයෙන් ඉදිරි කාලයේ දී රජයට දැඩි බලපෑමක්  තම වෘත්තීය සමිති සන්ධානය හරහා සිදුකිරීමට  වෛද්‍යවරුන්ගේ සහ අනෙකුත් සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති සමඟ දැනටමත්  සාකච්ඡා ආරම්භ කර ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිතියේ සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.

මේ වන විට වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරය කප්පිත්තෙකු නොමැති නැවක් මෙන් ඉබාගාතයේ පාවෙමින් පවතින බවත් එහි නායකයින් යැයි කියාගන්නා පුද්ගලයන් සොයා ගැනීමටවත් නොහැකි වෙමින් ස්වකීය අනුගාමිකයින්ද පාවා දෙමින් අනුගාමිකයින් ලවා ගුණ වර්ණනා කර ගැනීමත් ප්‍රති විරුද්ධ මතධාරීන්ට සමාජ මාධ්‍ය ජාල හරහා මඩ ගැසීමක් යන ඉතා පහත් මට්ටමේ ක්‍රියාවන් හැරෙන්නට වෛද්‍යවරුන් වෙනුවෙන් සක්‍රියව කිසි ලෙසකත් කටයුතු නොකරන බව 20,000කට ආසන්න සාමාජිකයන් දැන්වත් අවබෝධ කරගත යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img