ඉතා විද්‍යානූකූල පදනමක් මත නිවැරදි පාර්ශවකරුවන් සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමෙන් අනතුරුව නීත්‍යාණූකූලභාවට පත් කර ප්‍රකාශයට පත් කරන කල නව වෛද්‍ය සේවා ව්‍යවස්ථා ගැසට් පත්‍රය සක්‍රීය නොකිරීම ප්‍රමාධ කිරීම මෙරට මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් මගින් දන්වා තිබේ.
ඔවුන් විසින් පෙන්වාදෙනුයේ නීත්‍යානූකූල ලෙස ප්‍රකාශයට පත් කර ඇති ගැසට් පත්‍රය සක්‍රීය නොකිරීමට ඇතැම් වෛද්‍ය සංගම් ඇතුළු විවිද පාර්ශව විසින් සිය පෞද්ගලික අවශ්‍යතාවයන් මත අක්‍රීය කර ඇති බවත් මේ හේතුවෙන් මෙරට මහජනතාවගේ බදු මුදල් වලින් රෝහල් පරිපාලන විශය පිලිබඳ අධ්‍යාපනය හදාරන වෛද්‍යවරුන්ට මහජනතාවට සේවය කිරීමට නිසි අවස්තාවක් නොලැබෙන බවත් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින රටක් හේතුවෙන් මෙම ක්‍රියාවෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමක් ද සිදුවන බවයි.
ඇතැම් වෛද්‍ය සංගම් සහ විවිධ පාර්ශවයන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් මත මෙම වෛද්‍ය සේවා ව්‍යවස්ථාව සක්‍රීය කිරීම දිගින් දිගටම ප්‍රමාද වීම තම සංගමය විසින් පිලිකුලෙන් යුතුව හෙලා දකින බවත් එම සංගමය සෞඛ්‍ය ලේකම්ට නිකුත් කල ලිපියෙහි සඳහන් වෙයි.
ඔවුන් විසින් සෞඛ්‍ය ලේකම්වරයාට යොමුකර ඇති ලිපිය මගින් නව වෛද්‍ය සේවා ව්‍යවස්ථා ගැසට් නිවේදනය සක්‍රීය නොකිරීම, රෝහල් පරිපාලන කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ තනතුරු සඳහා නිසි අයදුම්පත් කැඳවීමකින් තොරව එම පුරප්පාඩු පිරවීම යන කරුනු මින් පෙර අවස්ථා ගණනාවකදීම රෝහල් පරිපාලකයන් සමග සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති බැවින් මේ සම්බන්දව නිවැරදි තීන්දු තීරණ ගැනීම තවදුරටත් ප්‍රමාද නොකර ලෙසද ඉල්ලා සිටින බවද සිය නිවේදනයේ සඳහන් වෙයි.
එමෙන්ම ඔවුන් පෙන්වාදෙනුයේ රෝහල් පරිපාලනය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය උපාධි සම්පූර්ණ කරන ලද වෛද්‍ය නිලධාරීන් සිටියදී රෝහල් පරිපාලනය සම්බන්ධ ඉහල තනතුරු පිරවීමේදි අදාල විශේෂඥ වෛද්‍ය උපාධිය නොසලකා කටයුතු කිරීමට හැකිවන පරිදි ලකුණු දීමේ ක්‍රමවේදය වෙනස් කිරීම පිලිබඳව අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටින ඔවුන් සඳහන් කරනුයේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මගින් පිලිගෙන ඇති විශේෂඥ වෛද්‍ය උපාධි පාඨමාලාවක් වන රෝහල් පරිපාලනය පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වීම සඳහා අවම වශයෙන් වසර අටක් මෙරට සාමාන්‍ය මහජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය හැදැරීය යුතු බවත් විශේෂඥ වෛද්‍ය උපාධිය සම්පූරණ කිරීමෙන් අනතුරුව ඔවුන්ට සිය උපාධියට නොගැලපෙන තනතුරු ලබා දීමේ ප්‍රවණතාවක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය තුල දක්නය ලැබෙන බවයි.
එමෙන්ම ඔවුන් චෝදනා කරනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල තනතුරු සඳහා පත් කිරීමේදි පවා රෝහල් පරිපාලනය පිලිබඳ විශේෂඥ වෛද්‍ය උපාධිය අනාගතයේදී නොසලකා ලකුණු ලබා දීමේ ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කරවාගැනීමට ඇතැම් පාර්ශවයන් කටයුතු කිරීමට උත්සාහ ගන්නා බවයි.