ගව ගාලක ගැට ගසා සිටි ගවයින් දෙදෙනෙකු කිසියම් පිරිසක් විසින් ඊයේ සොරාගෙන ගොස් ගව ගාලට නුදුරින් පිහිටි වන ලැහැබකදී ඝාතනය කර පසුව මස් සඳහා රැගෙන ගොස් ඇති බවට කන්දකැටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
ඊයේ (15) අළුයම මෙම ගව ගාලට ඇතුළු වූ පිරිසක් විසින් අදාල ගවයන් දෙදෙනා සොරාගෙන ගොස් ගව ගාලට නුදුරින් වූ වන ලැහැබක් තුලදී මරා මස්කර ඇති බව බදුල්ල මීගහකිවුල 17 කණුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පැමිණිලි කර තිබෙයි.
ගව ගාලට නුදුරින් මීටර් සියයක පමණ නුදුරින් පිහිටි වන ලැහැබක් තුලට රැගෙන ගොස් මරා මස්කර ඇති ඇති ගවයින් දෙදෙනාගේ ශරීර කොටස් එම ස්ථානයේ තිබී පොලීසියට හමුවී ඇත.
මරණ ලද ගවයින් දෙදෙනා ඝාතනය කිරීමෙන් පසුව එම සත්වයන් දෙනොගේ මාංශ රැගෙන ගොස් ඇතැයිද පොලීසිය විසින් පරීක්ෂණයන් හීදි අනාවරණය කරගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර. කන්දකැටිය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.